SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දිනවල ආන්දෝලනයට සහ අර්බූධයට ලක්ව ඇති අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව සඳහන් ය.

මෙම තත්ත්වය මත ඔහු තම ධුරය වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද සඳහන්ය.

 

දැන් ලංකාවේ  ජනතා ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ මාධ්‍ය විසින් ය.

හොරකම් අල්ලා දෙන්නේත් ඒවා හෙළිදරව් කරන්නේත් මාධ්‍ය විසින් ය.

ඇමතිලා පත්කරන්නේත් ඇමතිලා ඉවත්කරන්නේත් මාධ්‍ය විසින් ය.

මේ නිසා රට පාලනය කරන්නේ තක්කඩි මාධ්‍යකරුවන් කිහිප දෙනෙක් විසින් ය.

එනිසා දැන් ඇත්තේ ජනමාධ්‍යය නොව දේශපාලන පක්ෂ මාධ්‍යයන්ය.

 

මේවා අපි නිර්මාණය කරන කතා නොව එළියෙ සමාජයේ නිතර කතාවෙන කාරණා ය.

මේ හින්දාම මාධ්‍ය අල්ලාගෙන තම ඇමතිකම් රැකගැනීමට අසාර්ථක ඇමතිලා දරණ තැත අරුමයක් ද  නොවන්නේ ය.

 

ඒ අනුව අද (04) දිනයේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක මාධ්‍යවේදීන් සඳහා සාදයක් සූදානම් කර තිබෙනවාය.

එහි අරමුණ වී ඇත්තේ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවන් සමනය කර ගැනීම කියා ලඟපාත ආරංචිමාර්ග කියනවාය.

එහෙත්, බොහෝ මාධ්‍යකරුවෝ සාදයන්ට ගියද ඔවුන් ලියන්නේ  ඇමතියාට උවමනා දේ නොවන්නේ ය.

ඒ බව තක්කඩි  ඇමැතියෝ හොඳින් ම දැනගත යුතු ය.

තක්කඩි මාධ්‍ය මාෆියාවන් කිහිපයක් නිසා හැමෝගෙම සීනි ඒ මිම්මෙන්ම  කිරා බැලිය යූතු ද නැත.

 

#slleader Gossip

නවතම ලිපි