SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා සහ නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම අතර ඇතිවී යැයි ප්‍රචාරය කෙරෙන පුවත සම්පූර්ණයෙන්ම රනිල්වාදීන් විසින්

ගොතා රෝපනය කරවන්නට උත්සාහ කරන ලද අසත්‍ය පුවතක් බව අප කළ විමසීමකදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙන්ම සජිත් පාර්ශ්වයද පිළිතුරු ලබාදී ඇත.

 

ලංකාවේ මෙතෙක් පැවති කාලයන්හිදීට වඩා‌ මේ වනවිට විපක්ෂයේ පක්ෂ එකමුතුවක් බිහිවී ඇති බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට ගොඩගැනීම සඳහා පක්ෂවලට එක්වන්න යැයි ඉල්ලා සිටියත් ඔහුගේ තැරව්කරුවන් විසින් විපක්ෂය අතර බේද භින්න නිර්මාණය කිරීමට කැසකවන බවත් විපක්ෂය මේ පිළිබඳව හොඳින් තේරුම්ගෙන සිටින බවත් විපක්ෂයේ ප්‍රධාන දේශපාලකයෙකු slleader සමග කියා සිටියේය.

 

පසුගියදා නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම  slleader දේශපාලන සංවාදයේදී පවසා සිටියේද මෙම විපක්ෂයේ එකමුතුව සම්බන්ධයෙනි. එහිදී ඩලස් මන්ත්‍රීවරයා පැවසුවේ,

 

“අපි මේ මැතිවරණයෙදි ලබාගත්තු විශිෂ්ටම ජයග්‍රහණය තමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට සමස්ත විපක්ෂයම එකතුවීම. ඒ එකතුවෙ සියළු දෙනාගෙම ඡන්ද ලැබුනද නැද්ද කියන එක වෙන කාරණාවක්. හැබැයි ඉතාම පැහැදිලිව ජවිපෙ මන්ත්‍රීවරු තුන්දෙනා හැරෙන්න අනික් සියළු පක්ෂ එකට හිටගත්ත. ඒක මගේ දේශපාලන ඉතිහාසය තුළ මම දැකපු ප්‍රථම අවස්ථාව.

දැන් මේ මොහොතෙත්  රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට ඉල්ලීම් කරන්නේ ආයාචනා කරන්නෙ විපක්ෂය එකට එකතු වෙන්න ඔින කියල. ඒ ආරාධනාව පිටිපස්සෙ තියෙන්නෙ දේශපාලන ප්‍රලාපයන් බව පේනවා. නමුත් ඔහු උත්සාහගන්නෙ මේ විපක්ෂය කිසියම් ආකාරයකින් එකට තියාගන්න ඔිනි කියන තැන. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් අවසාන අව්රුද්දෙ උත්සාහ ගත්තෙ විපක්ෂය එක්ක යම් සම්මුතියක් ඇති කර ගන්න. නමුත් ඒක කරන්න බැරිඋනා. මම ආඩම්බර වෙනවා ඒ  මැතිවරණයෙදි ඒ සම්මුතිය අපි ජවිපෙ හැර අනික් විපක්ෂයේ සියල්ලොම එක්ක ඉතිහාසයෙ පළවෙනි වතාවට ඇතිකරගන්න පුළුවන් වීම ගැන”.

කෙසේ වුවද බල දේශපාලනයට අවශ්‍ය ලෙස පුවත් මවමින් තම ආත්මාර්ථකාමී බල උවමනාවන් වාසිය ලෙස යොදාගන්නා අයවලුන් රටේ අභිවෘද්ධිය නොව තම පුද්ගලික අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාකරන අදේශපාලනික ක්‍රියාකාරීන් පිරිසක් පමණක් බවට විපක්ෂය චෝදනා කරයි.

නවතම ලිපි