SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව රවී  කරුණානායක කියයි.

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් වන්නේ ස්වාධින සහ නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස බවද කියන රවී, 2024 වසරේ ජූනි මාසය වන විට ජනාධිපතිවරණයක් පවත්වන බව ද හෙළි කර ඇත.

 

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ හෙළිදරව්ව කර ඇත්තේ කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩාංගණයේ දී පැවති උතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමේ දී ය.

මේ කාලය  සියලුම දෙනාට අමාරු කාලයක් බවත්, මේ ප්‍රශ්නවලට පිළිතුරු සියලු දෙනා එක්වී සෙවිය යුතු බවත් පවසන රවී කරුණානායක  දේශපාලනයෙන් බිල්ලෝ මවලා රටක් ඉදිරියට ගෙනියන්න බැරි බවත්, අවතාර මවලා රටක් ස්ථාවර කරන්න බැරි බවත් කියා ඇත.

 

“රටක් සංවර්ධනය කරන්න කියන දේ අමිහිරි වුණත් ඇත්ත කතා කළා නම් එකේ සැබෑ ප්‍රතිඵලය ලැබෙන්න වැඩි කල් යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහට වුණේ එකයි. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ රටක් හදන්න පුළුවන් තරුණ පිරිසක්. වගේම අපේ කාන්තාවන්”

 

රවී පවසන්නේ රනිල් වික්‍රමසිංහ යටතේ වැඩිකල් යෑමට පෙර  සියලුම දේශපාලන පක්ෂ සමග ඒකරාශී වී නිර්පාක්ෂික ජනාධිපතිවරණයක් ඇති කර පසුව පාර්ලිමේන්තු ඡන්දයක් හරහා වැරදුනු තැන් නිවැරදි කර අලුත් රටක් හදන්න කටයුතු කරන බවයි.

නවතම ලිපි