SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව සන්ධානයක් පිහිටුවීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ටයින් ඇතුලත් කණ්ඩායම  සමඟ පක්ෂ පහක් දැනටමත් සාකච්ඡා අවසන් කර ඇති බව දේශපාලන ආරංචි සඳහන් කරයි.

ඔවුන් සිය මංගල රැලිය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.

 

බැසිල් රාජපක්ෂගේ පූර්ණ ආශීර්වාදයෙන් යුක්තව ඇරඹි මෙම සංවිධානය කොළඹ රාජගිරිය ලේක් ඩ්‍රයිව් හි සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ මෙම සාකච්ඡා ආරම්භ වී තිබේ. එම කාර්යාලය විවෘත කර තිබුණේ බැසිල් රාජපක්ෂගේ දකුණු අත ලෙස ක්‍රියාකරන, පොහොට්ටුවේ සංවිධාන ජාලයේ අදිසි හස්තය වූ හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ සිරිපාල අමරසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ‌ හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් සුගීෂ්වර බණ්ඩාර අතිනි.


නිමල් ලංසා ඇතුළු පොහොට්ටු ජ්‍යෙෂ්ටයින් සමඟ සන්ධානයට එක්වීමට තවත් පක්ෂ කිහිපයක්ම සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ආරංචිමාර්ග පවසන අතරම  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන කලකිරී සිටින අය ද මේ අතර වන බවද සඳහන්.

නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් නිමල් ලංසා ඇතුළු පිරිස ජනාධිපති වික්‍රමසිංහගේද දැනුවත්වීම මත පසුගියදා හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් කර ඇති බව වාර්තා වේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, අමාත්‍ය නලින් ප්‍රනාන්දු, අමාත්‍ය මහින්ද අමරවීර සහ ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන් මේ වන විටත් ඔවුන් හමුවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

ලබන වසරේ ජනවාරි මාසයේදී මහා ජන රැළියක් පැවැත්වීමටත් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නම යෝජනා කිරීමටත් මෙම සන්ධානය බලාපොරොත්තු වන බව සඳහන්.

@dailymirror පුවත ඇසුරිනි.

නවතම ලිපි