SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු වීසා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමත ලිපි ලබාගත් පුද්ගලයන් අතර

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ඥාතීන් දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ නම් බව වාර්තා වේ.

 

2022 ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන ලද වියදම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ කෙටුම්පතක් පසුගිය සතියේ හෙළිදරව් කරන ලදී. එහි නිලධාරීන් ඔස්ට්‍රේලියාවට යැවීමෙන් රුපියල් මිලියන 68ක් අය කර ඇති අතර පුද්ගලයන් 35 දෙනෙකුගේ නම් හෙළිදරව් කර ඇත.

 

මෙම සිද්ධියට පසුබිම්ව නළු නිළියන් ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙකුගේම නම් තිබුණද පසුගියදා බොහෝ සමාජ සහ මාධ්‍ය වාර්තා පළවුයේ ශලනි තාරකා නැමැති රංගන ශිල්පිනිය සම්බන්ධයෙන් පමණකි.

 

මේ අතර ක්‍රීඩා ඇමතිවරයා විසින් ප්‍රශ්ණයට තුඩු දි ඇති ඔස්ට්‍රේලියානු සංචාරය සදහා සිය පවුල සමගම සහභාගි වීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය දියණියන් වන ආර්.ඒ.ශෙනලි දිණූශිකා සහ ආර්.ඒ. සාරා දිනාලි යන අයගෙ නම් මෙලෙස යොමු කොට ඇතැයි වාර්තා පළවී ඇත.

 

ශලනි

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ වීසා බලපත්‍ර අවශ්‍යතා සඳහා පුද්ගලයින් ලෝක කුසලානය නැරඹීමට යන බවට ලිපි නිකුත් කළත් ඔවුන්ගේ සංචාර සඳහා මුදල් ලබා නොදුන් බවත් ඒ සඳහා වැය වූ එකම වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට පමණක් බවත් සඳහන් කර ඇත.

 

තම දියණියන් යැයි විශ්වාස කරන පුද්ගලයන් දෙදෙනාට මෙම ලිපි ලබා දෙන ලෙස සත්‍ය වශයෙන්ම ඉල්ලීමක් කර තිබේද යන්න තහවුරු කිරීම සඳහා ඩේලි මිරර් පුවත්පත අමාත්‍යවරයා ගෙන් ප්‍රශ්න කළද නමුත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැති බව සඳහන් ය.

එමෙන්ම ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමාට අවශ්‍ය නොවන බවයි.

 

@පුවත - Dailymirror

නවතම ලිපි