SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින මත්කඩු ජාවාරමේ යෙදුණු පාතාලයේ ප්‍රබලයකු වන සෙල්ලප්පෙරුමගේ සලිඳු ගුණරත්න නොහොත් ‘කුඩු සලිඳු‘ යන අයගේ විමර්ශනය සමබරව සිදු කිරීමට සහ

වෙනත් අංශවලින් සැකකරු ඉල්ලා සිටීමේදී නොදී සිටීමට යැයි රු. කෝටි 13ක් ඉල්ලූ සැකකාර පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් වහා විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළේය.

 

පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට සිය නියෝගය මගින් දක්වා ඇත.

 

විදේශගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියා සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයේ සැක මත සැකකරුවන් රඳවා තබා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සෙල්ලප්පෙරුමගේ සලිඳු ගුණරත්න නොහොත් කුඩු සලිඳු, වික්‍රමරත්න කසුන් චින්තක නොහොත් හරක් කටා සහ තෙවරාසගේ අමිල සුසිර ප්‍රනාන්දු නොහොත් පාණදුර චුට්ටේ හෙවත් ටිංටිං යන අය නිරීක්ෂණය කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පෙරේදා (26) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී රහස් ප්‍රකාශයක් දෙමින් සෙල්ලප්පෙරුමගේ සලිඳු ගුණරත්න නොහොත් කුඩු සලිඳු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.

 

මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණවලින් අනතුරුව සැකකාර වික්‍රමරත්න කසුන් චින්තක නොහොත් හරක් කටා යන අයගෙන් යමක් පැවසීමට ඇද්දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර ඇති අතර එහිදී පැවැසීමට කිසිවක් නැති බවට ඔහු ප්‍රකාශ කර ඇති අතර, සැකකාර සෙල්ලප්පෙරුමගේ සලිඳු ගුණරත්න නොහොත් කුඩු සලිඳු යන අය රහස් ප්‍රකාශයක් දීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ.

 

පසුගිය මැයි මස 31 දා තමා රඳවා සිටින අංශයේ සිටින මේ පොලිස් නිලධාරියා තමාගෙන් මුදල් ඉල්ලූ බවට ඔහු සිය ප්‍රකාශය මඟින් දක්වා ඇති අතර, ඒ බව තමන් රඳවා සිටින අංශය භාර ස්ථානාධිපතිවරයාට ප්‍රකාශ කළ බවත්, එහිදී පොලිස් නිලධාරියකු තමාගෙන් ප්‍රකාශයක් ගත් බවත් සෙල්ලප්පෙරුමගේ සලිඳු ගුණරත්න නොහොත් කුඩු සලිඳු සිය රහස් ප්‍රකාශ්‍ය මඟින් මහේස්ත්‍රාත්වරයාට දන්වා ඇත.

 

ඔහුගේ රහස් ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඔහු රඳවා සිටින අංශය භාර පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, තමා ඉහළ පොලිස් නිලධාරියා වන සහකාර පොලිස් අධිකාරිවරයාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා දුන් ප්‍රකාශයේ දක්වා තිබේ.

 

සැකකරුවන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් ඔවුන්ට හොඳ වාතාශ්‍රයක් ලැබෙන පරිදි රඳවා ඇති බවත් මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණයෙන් අනතුරුව සටහන් යොදා ඇත.

 

@සුභාෂිණී සේනානායක‍
Dinamina

නවතම ලිපි