SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඊයේ බ්‍රහස්පතින්දා (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇත.

මෙම නියෝජිත පිරිසෙහි GMOA සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන, වෛද්‍ය හරිත අලුත්ගේ (ලේකම් GMOA), උප සභාපතිවරු වෛද්‍ය චන්දික එපිටකඩුව, වෛද්‍ය හේමන්ත රාජපක්ෂ, වෛද්‍ය බෝධික සමරසේකර සහ වෛද්‍ය එස් මතිවානන් මෙම අවස්ථාවට එක්ව ඇත.

 

වෙළඳපල වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, බුද්ධි ගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සහ වෛද්‍යවරුන්ගේ දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් GMOA නව නිළධාරී මණ්ඩලය විසින් ජනාධිපති වික්‍රමසිංහ වෙත භාර දී ඇත.

 

රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත කඩිනම් ප්‍රතිසංස්කරණ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුවත් කළ ජනාධිපති වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා ඇත.

 

@Island.lk

නවතම ලිපි