SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තුව වහලා තනි රනිල්ට රට බාරදෙන්න..

ඒ පඩිත් ඉතුරුයි..

සැප්තැම්බරයෙන් පසු අපි ලෝකෙට ණය දෙන රටක්…

 

පාර්ලිමේන්තුව වසා දමා තනි රනිල් වික්‍රමසිංහට රට බාර දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියයි.

 

එසේ කළ විට පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට යන මුදල ද එම වැටුප්ද ඉතුරු වන බවද ඔහු පවසා ඇත.

ඉන් පසු තනි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට ගොඩ ගනු ඇති බවද හෙතෙම සඳහන් කර ඇත.

 

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන දේශපාලන පක්ෂයක් වූ එජාපය තම මුල්වලින් ගැලවෙමින් ඇතැයි මේ පිළිබඳ slleader වෙත අදහස් දැක්වූ විද්වතෙක් කියා සිටියේය. රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර නායකයෙක් ලෙස තම ප්‍රතිරූපය ගොඩනංවන විට මෙවැනි කතා තුළින් එජාපයේ සභාපති විසින් ඔහුගේ රෙදි ගලවන බවයි සමාජ මාධ්‍ය එජාප පාක්ෂිකයන්ගේ අදහස වී ඇත්තේ.

 

කෙසේ වුවද සතියෙන් සතිය මාධ්‍ය මගින් වයිරල් කළ හැකි ආකාරයේ පුවත් ශීර්ෂ ලබාදෙන වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ සඳහා තම පක්ෂයේ නායකයාගේ නම සහ ක්‍රියාවන් යොදාගැනීම හාස්‍යජනක බවයි කියැවෙන්නේ.

නවතම ලිපි