SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ යෝජනාවක් මත මෙය ඉදිරිපත් කර තිබූ අතර, අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලය පුරාම දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩ දැමීමට උත්සාහ කළ නමුත් ඉතා සුළු සිද්ධි පදනම් කරගනිමින් සේවකයන් වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම නිසා ජනතාව අපහසුතාවට පත් වූ බවයි.

දුම්රිය සේවය පුද්ගලීකරණය කරන්නැයි ජනතාවගෙන් දිගින් දිගටම ලැබෙන ඉල්ලීම් ලැබෙන බවද අමාත්‍යවරයා කියයි.

එසේ වුවද දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය නොකරන බවද ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නවතම ලිපි