SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රතු පක්ෂය බරසාර විදිහට කඩාගෙන පෙරටුගාමී එක හැදුනෙ 2011දියි. ඊට කලින් විමලෙ පක්ෂය කඩන් ගියත් ඒ හැටි බලපෑමක් රතු පක්ෂයට උනේ නෑලු. මොකද විමලෙ නැවතුනේ

රාජපක්ෂල ලඟ ලාභ අපේක්ෂාවෙන් කියල රතු පක්ෂයට ජාමෙ බේරගන්න පුළුවන් උනාලු. ඒත් පෙරෙට්ටො කියන්නෙ රතු පක්ෂයෙ ෆුල් ටයිමර්ස්ල සෙට් එකක්. ආරංචි හැටියට 2011 පක්ෂය දෙදරද්දි ෆුල් ටයිමර්ස්ල 2000ක් විතරම රතු පක්ෂයෙන් ගැලවිලා ගිහින් තිබුණේ කුමාර්ල වගේ හොඳ ඔිගනයිසර්ස්ලත් එක්කමයි. ඒත් අද ගොසිප් කතාව නම් ඒ ගැන නෙවෙයි.

ඔන්න 2011 රතු පක්ෂයෙන් කොටසක් ගැලවුන වෙලේ මේ ගැලවිච්ච කොටස රතු පක්ෂයේ මූලස්ථානය අල්ලගත්තලු. මේකට මූලිකත්වය ගත්තේ අද අපේ ගොසිපෙ කතානන්දයා.  ඒ අනුව දවස් තුනක් රතු පක්ෂ මූලස්ථානය තිබුණෙ පෙරෙට්ටො අතේ. දවස් තුනකට පස්සෙ තමයිලු රතු පක්ෂයෙ වෘත්තිය සමිති බස්සල ගහල මූලස්ථානය ආයෙ අත්පත් කරගෙන තිබුණෙ. ඉතිං අපි අර කියපු ‘කතානන්ද ආනන්ද ’ උන්නැහේ කුමාර්ල එක්ක ඉඳල මරාගෙන මැරෙන තරම් වලියක් ගිහිල්ලලු බැසිල් ලඟට ගියේ. ඒ, ඒවෙද්දි බැසිල් ලඟ හිටපු අමරසිංහ ලොක්ක හරහා.  අමරසිංහ උන්නැහේ කියන්නෙ කව්ද කියල හැමෝම දන්නවනෙ ඉතිං. රතුපක්ෂයේ පූර්ණකාලීනව හිටපු සංවිධාන ශක්තිය හොඳටම තිබුනු පොරවල් තමයි. පස්සෙ කාලෙ බැසිල් ලොක්කගෙ දකුණු අත වගේ නෙවෙයි, දකුණු අත තමයි මේ අමරසිංහ උන්නැහේ. කතානන්ද උන්නැහේ ගැන තවත් කියනවානම් මතකනේ අර ගෝඨාභය ජනාධිපති කාලේ කැලෑ කපන මස් වැද්දෙක් කැලෑ කපල පින්තූරත් දැම්මෙ. පස්සේ ඔව්, කැලෑ කපනව තමයි, ඇයි මොකද වගේ පාට් එකක් දැම්මෙ.

ඉතිං අපේ මේ “කතානන්ද ආනන්ද” උන්නැහේගේ හිස්ට්‍රි එක හරි අපූරුයි. පිරිමි දරුවොම 12ක් හිටපු පවුලක සාමාජිකයෙක් වෙච්ච මේ උන්නැහේගේ මුළු පවුලම රතු පක්ෂයෙ සාමාජිකයොලු. 88/89 භීෂනයෙදි මේ ඉසිපතන පිරිමි පුත්තුන්ගෙන් හය දෙනෙක්ම මරණයට පත්වෙලා. එහෙම වෙලත්  නාරාහේන්පිට ප්‍රදේශයේ ජීවත්වෙන කතානන්දගෙ පවුලෙ අම්මා තවමත් රතු පක්ෂයේ සාමාජිකාවක්ලු. කොහොම උනත් කතානන්ද රතු පක්ෂයට ද්‍රෝහී වෙලා කඩාගෙන ගිහින් ආයෙම හැදිච්ච පක්ෂයටත් ද්‍රෝහි උනා කියලයි අපිට තොරතුරු දුන්න කෙනානම් කිව්වෙ. ඒ ද්‍රෝහී කතා අපි දන්නෙ නැහැ. කොහොම උනත්    පස්සෙ කාලෙ හෙන්රි එක්කලා පොතකුත් කරාලු. පොතක් කලා කිව්වට හෙන්රි ලිව්වත් ඒකට රතු පක්ෂයේ පැටිකිරියම හෙළිකලේ කතානන්ද උන්නැහේලු. එයා ඒ විදිහට ලු  තමන්ගෙ පලිගැනීම කලේ. කොහොමත් අපිත්  දන්න කියන හැටියට රතු පක්ෂවලින් එළියට යන කස්ටිය වැඩකරන්නෙ නම් රෙදි ලෙෆ්ට් කරගෙන කියල හැමෝම දන්නවා. ඒ ගැන හොඳටම දැනගන්නනම් විමලෙල, වරුණල වගේ කස්ටියගෙන් අහල බලන්නකො.

ඔන්න තව ඩිංගෙන්  කියන්න ගිය කාරණයත්  අමතකත් වෙනව.

පහුගිය දවස්වල ප්‍රවෘත්තියක් පළ උනා මතකද රනිල්වාදී පොහොට්ටුවෝ නාරාහේන්පිට අළුතින් කාර්යාලයක් විවෘත කලා කියල. ප්‍රසන්නල ලන්සල මේ වැඩේ ඉන්නව කියල හැමෝම දන්නවනේ. ඒ කාර්යාලය විවෘත කරන්න ගිහින් තිබුණේ  බැසිල්ගෙ දකුණු අත වෙච්චි සිරිපාල අමරසිංහ ලොක්කයි, ගෝඨාගෙ දැනට ඉන්න සමීපතමයා වුනු සුගීෂ්වර බණ්ඩාරයි කියලත් පුවත් පළවුනා. දැන් ඉතිං කට්ටියට කතා කියන්න බෑ රනිල් බැසිල් හවුල බොරුය කියල. මේ ගොල්ලො තරහය කියල. ඒ වගේම පොහොට්ටුවෙ අනික් පාර්ශ්වය වුනු නාමල් මහින්දල බැසිල් රනිල් එක්ක අප්සට්ය කියලත් කියන්න බෑ. ඒත් එළියෙ ඉන්න පුංචි අප්පුල, හීන් අම්මල නම් හිතන්නෙ කෙලෙහිගුණ නොදන්න රනිල් පොහොට්ටුවෙන් කෑල්ලක් ගලවගෙන ගියාය කියලයි. සමහර ඡන්ද ආරක්ෂා කොරන්න එහෙම කතාවක් නොහදත් බෑ නොවැ ඉතිං.

ඔන්න ඉතිං ලඟදි දවසක මේ බැසිල් ලොක්කගෙ දකුණු අත වෙච්චි අමරෙ උන්දැට ආයෙමත් රතු පක්ෂයේ අලුත්ම කැම්පේන් කෑල්ලක් අල්ලගන්නදෝ තවත් කොක්කකට අර අදිනවලු. කතානන්ද තමයි ලු දැන් මේ වැඩේ පංගාර්තු කරගෙන ඉන්නෙ. ඒ තමයි රනිල් ලොක්කගෙ අලුතින්ම පටන්ගනිපු අලි පොහොට්ටු ව්‍යාපාරයෙ කැම්පේන් නිර්මාණයට රතු පක්ෂයෙ කැම්පේන් කාරයෙක්ට ආරාධනා කරලලු. විස්වාසවන්ත ‌ගොසිප් ආරංචිමාර්ග තමයි ඉතිං.

රතු පක්ෂයට ආයෙමත් ඇපත් නැතිවෙන ගේමක් දෙන්න වගේ හදන මේ වැඩේ ගැන වැඩිදුර තොරතුරුවලට සතියක් ඉවසන්න වෙයි මිත්‍රවරුනි.

 

#slleader gossip

නවතම ලිපි