චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන කාර්යාංශයේ සභික සහ CPC Chongqing නාගරික කමිටුවේ ලේකම් Yuan Jiajun ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
ඒ, පසුගිය සෙනසුරාදා ජනාධිපති කාර්යාලයේදී ය.
මෙම හමුවේදී ජනාධිපති වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් ඉදිරිපත් කර ඇති අතර, ආසියාවේ සෙසු රටවල් සමඟ සම්බන්ධතාව වැඩිදියුණු කිරීම කෙරෙහි මූලික අවධානය යොමු කර ඇත. මෙහිදී කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, මෙම සැලසුම් මගින් ආර්ථික වර්ධනයට සහ වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ඉහළ නැංවීමට පහසුකම් සපයන ආකාරය ද පෙන්වා දී ඇත.
එසේම, රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සතුටුදායක ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපති වික්‍රමසිංහ චීන නියෝජිත පිරිස දැනුවත් කර ඇත. ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකව නිම කිරීමෙන් පසු නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් කඩිනමින් ආරම්භ කිරීමෙන් රටේ ආර්ථික සංවර්ධනය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කර ඇත.
මෙහිදී අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපතිවරයාගේ නොපසුබට උත්සාහයන් චීන නියෝජිත පිරිසගේ ඇගයීමට ලක් ව ඇත.
ඔවුන් රටේ අනාගත ආර්ථික වර්ධන ගමන් මග පිළිබඳව සුබවාදී විශ්වාසය පළ කර ඇතැයිද ජනාධිපති ආරංචිමාර්ග පවසයි.
@dailynews