SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරනු ඇති බවට සහ ඔවුන්ගේ සමානාත්මතාව යුක්තිය සහ නිදහස වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රනිල් වික්‍රමසිංහ හමුවෙහිදී ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ  සමග  පවත්වන ලද ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

 

දහතුන්වන සංශෝධනය ස්ථාපිත කිරීම සහ පළාත් සබා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇතැයි ද තමන් බලාපොරොත්තු වන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී කීය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගෞරවය තහවුරු කරනු ඇති බවද තමන් විශ්වාස කරන බවත් හෙතෙම එහිදී පැවසීය.

 

ශ්‍රී ලංකාවේ වැසියන්ට මුහුණ දීමට සිදුවන සෑම අභියෝගාත්මක අවස්ථාවක දී ම ඉන්දියාව ඔවුන් සමග සිටින බවට තමන් තහවුරු කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.

සිංහල බසින් ටිවීට් පණිවිඩයක් මගින් මෝදි මෙසේ කීවේය:

ශ්‍රී ලංකාව දමිළ ප්‍රජාවගේ අභිලාෂයන් ඉටු කිරීම උදෙසා තවදුරටත් කටයුතු කරනු ඇති බව මට විශ්වාසයි. අප මෙම වසරේ ඉන්දියා - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ 75 වන වසර සහ ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සනිටුහන් කරනවා. ශ්‍රී ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දමිළ ජනතාව සඳහා රුපියල් කෝටි 75ක් වටිනා විවිධ ව්‍යාපෘති ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දමිළ ජනතාව සඳහා රුපියල් කෝටි 75ක් වටිනා විවිධ ව්‍යාපෘති ප්‍රකාශයට පත් කළා. ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන වැඩසටහන් සඳහා තවදුරටත් දායකත්වය ලබා දෙනු ඇති. වාණිජ සහ දෙරට ජනතාව අතර සබඳතා ඉහළ නැංවීම සඳහා නාගපට්ටිනම් සහ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ඇරඹෙනු ඇති.
I am sure Sri ‍ will continue to work towards fulfilling the aspirations of the ‍ community. This year we are marking the 75th year ‍ the India-Sri ‍ alliance and 200 years since the Tamil ( ‍ ‍ community of Indian origin came to Sri Lanka. Sri ‍ announced various ‍ projects worth 75 crore rupees ‍ for Tamil people of Indian origin in Sri Lanka. Sri ‍ announced various ‍ projects worth 75 crore rupees ‍ for Tamil people of Indian origin in Sri Lanka. India will further contribute to development programs ‍ the northern and ‍ regions of Sri Lanka. Passenger ferry services will be started between Nagapattinam and Kankasanthurai ‍ to enhance commercial and people-to-people links between the two countries.
 
 
 
 

මාධ්‍ය හමුවකදී ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා පැවසුවේ මෝදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳ ප්‍රශ්නය මතු කළ බවත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවර ස්ථාවරය යළිත් අවධාරණය කළ බවත්ය.

එක්සත් සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක රාමුව තුළ සමානාත්මතාවය, යුක්තිය, ආත්ම ගෞරවය සඳහා වන දෙමළ ප්‍රජාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරන දේශපාලන විසඳුමක් සඳහා ඉන්දියාව දිගටම අපේක්ෂා කරන බව මෝදි ප්‍රකාශ කළ බව විදේශ ලේකම්වරයා පැවසීය.

අර්ථාන්විත බලතල බෙදාහැරීම සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සංහිඳියා ක්‍රියාවලියට පහසුකම් සැලසීමේ අත්‍යවශ්‍ය අංග බව ඔහු පැවසීය.

 

@srilankabrief.org

නවතම ලිපි