ලංකාවේ මාර්ග අළුත්වැඩියාව සහ නඩත්තුව සම්බන්ධ ටෙන්ඩර් හිමිවූයේ පළාත් පාලන ආයතනයන්හි සභාපතිවරයා ඇතුළු කණ්ඩායමකටය.
විශේෂයෙන්ම පහුගිය වකවානුවේ පොහොට්ටුවේ බිම් මට්ටමේ ඡන්ද පදනම ආරක්ෂා කර දුන්නේ මෙම ප්‍රාදේශීය සභා නගර සභා පාක්ෂිකයන්ය.
මේ වනවිට රටේ ආර්ථික අර්බූධය සමග ටෙන්ඩර් පාස් කරගැනීමට තබා එවැනි සංවර්ධන ව්‍යාපෘතියක්වත් සිදුකරන්නට අපොහොසත් තත්වයක් මතු වූ අතර බිම් මට්ටමේ පාක්ෂිකයන් මේ වනවිට බලය ඇති තැන්වලට ක්‍රමයෙන් විතැන්වන ලක්ෂන පහළ කර තිබුණි.
මේනිසා බිම් මට්ටමේ ඡන්දදායකයින් පිළිබඳව වැඩි අවදානයක් යොමුකරන බැසිල් රෝහණ කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කර තිබුණි. එසේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා පොහොට්ටු සාමාජිකත්වයන් රැස්වෙමින් ඇති බවද මාධ්‍ය ආරංචිමාර්ග වාර්තා කර තිබුණි.
රුපියල් බිලියන 20ක්..
පවතින මාර්ග පද්ධතිවල පවතින අයහපත් තත්ත්වය හමුවේ මාර්ග හදිසි අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා රුපියල් බිලියන 20ක් නිදහස් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය රජයෙන් ඉල්ලා ඇත.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සන්ඬේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ අදාළ අවශ්‍යතාවය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති නමුත් මෙතෙක් ප්‍රතිපාදන ලබා දී නොමැති බවත්, එබැවින් අමාත්‍යාංශයෙන් නව අභියාචනයක් කරන බවයි.
දැනට අනෙකුත් අමාත්‍යාංශවලට වෙන්කරන මුදල් නවතා හෝ අඩු කරන ලෙසත්, පවතින මාර්ග පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා එම ප්‍රතිපාදන ලබා දෙන ලෙසත් අමාත්‍යාංශය රජයෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.
@sundaytimes පුවත ඇසුරෙනි.