SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය රජය සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹගත් අවබෝධතා ගිවිසුම් අනුව ඉදිරියේදී

සාම්පූර් ප්‍රදේශය සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකු සංකීර්ණය ලංකාවේ රාජ්‍ය පාලනයේ ගිලිහීයාමේ තත්වයක් ඇති වී තිබෙන බව දේශපාලන තොරතුරුවලින් අනාවරණය වේ.

 

මෙයට මූලික පදනම මතු වී තිබෙන්නේ අලුතින් එළඹගන්නා ලද පංච කේන්ද්‍රීය සහයෝගීතාවය මගින් ඉන්දියාව මෙරටට බලයෙන් පටවනලද කොන්දේසි බව අනාවරණය වේ. සමුද්‍රීය කටයුතු, වෙළඳ හා ආර්ථික මූල්‍ය සබඳතා, ගුවන් සබඳතා, විදුලිබල හා බලශක්ති සබඳතා මෙන්න පුද්ගල සබඳතා යනුවෙන් යනුවෙන් අදාල පංච කේන්ද්‍රීය ක්ෂේත්‍ර නම්කර තිබේ.

 

මේ අතර විදුලිබල හා බලශක්ති සබඳතා යටතේ ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි සංකීර්ණයක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිරිකීමට යෝජිත විදුලි උත්පාදන බලාගාරයක් පදනම් කරගනිමින් ලංකාවේ බලශක්ති ස්වාධීනත්වය මුළුමනින්ම අහිමිවනු ඇති බවට අනතුරු ඇඟවීම් ඇතැම් ඉන්දීය විරුද්ධ පක්ෂ පවා මේ වනවිට සිදුකර ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

 

මේ අතර මෙරට දේශපාලන විශ්ලේෂකයන් මත පලකරමින් සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ ලංකාව ක්‍රියාකරන යටහත් පහත්භාවයට වඩා ත්‍රීව්‍ර නතුවීමක් මෙම පංච කේන්ද්‍රීය අවබෝධතා ගිවිසුම් අනුව සිදුවනු ඇති බවය. විශේෂයෙන්ම ඉන්දීය මහා මැතිවරණය අභියස නරේන්ද්‍ර මෝදි පාලනය ගෙනයන උපායමාර්ගික දේශපාලනය ලංකාව සම්බන්ධයෙන් වඩාත් කොටු කිරීමේ ආකාරයක් උසුලන බව පෙන්වා දී තිබේ.

 

@lankatruth

නවතම ලිපි