පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 04 සිට 08 දක්වා
උප සභාපතිවරුන් සංඛ්‍යාව 10 සිට 12 දක්වා
උප ලේකම්වරුන් සංඛ්‍යාව 8 සිට 10 දක්වා
ආණ්ඩුවේ ඇමැතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නැවත පක්ෂය සමග සම්බන්ධවීම හේතුවෙන් පක්ෂයේ තනතුරු සංඛ්‍යාව ද වැඩි කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ෂාන් විජයලාල් ද සිල්වා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ලෙස්ලි දේවින්ද්‍ර, ෆයිසර් මුස්තාපා , අංගජන් රාමනාදන් සහ දුෂ්මන්ත මිත්‍රපාල පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස පත් කර ඇත.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස මුලදී කටයුතු කර තිබූ අතර ආණ්ඩුවට එක් වීම හා අමාත්‍ය තනතුරු බාරගැනීම හේතුවෙන් ඔවුන්ව එම තනතුරුවලින් ඉවත් කරනු ලැබීය.
මේ අතර, පක්ෂයේ උප සභාපතිවරුන් සංඛ්‍යාව 10 සිට 12 දක්වා ද උප ලේකම්වරුන් සංඛ්‍යාව 8 සිට 10 දක්වා ද වැඩි කර ඇත.
ආණ්ඩුවට එක්ව ඇමතිකම් දරන ශ්‍රීලනිප මැති ඇමතිවරුන් පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත්, සමස්ත ලංකා කාරක සභාවට සහ විධායක සභා රැස්වීමටත් සහභාගි වී තිබුණි.
කෙසේ වුවද ශ්‍රිලනිපයේ පිපිරීම සහ පිල්බෙදී යෑම සියල්ලන්ටම තනතුරු ප්රදානය කළද නතරකළ නොහැකි බවත් ඉදිරියේදී මෙය වඩාත් අර්බූධකාරී වන බවත් දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත.