SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවක නිරත වී ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම නායක දෙපළ අතර සාකච්ඡාවේ අරමුණ වී ඇති බව වාර්තා වේ.

 

modhi ranil 1

අගමැති මෝදිගේ ආරාධනයකට අනුව ජනාධිපති වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය සිදුවේ. 

modhi ranil 3

13 ක්‍රියාත්මක කිරීමට රනිල්ට සදාචාරාත්මක අයිතියක් නැතැයි සාගර කියයි

මේ අතර අද daily morning පුවත්පත වෙත අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසා ඇත්තේ,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලය භුක්ති විඳින්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් ජනවරම බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ය. එහිදී  ජේආර් ජයවර්ධනගේ සිට රාජපක්ෂ දක්වා හිටපු ජනාධිපතිවරුන් කිසිවෙක් විසින් එය  ක්‍රියාත්මක නොකළ බවද සාගර කාරියවසම් පවසයි.

 

SAGARA KARIYAWASAM 13A

 

පසුගිය අඟහරුවාදා (18) දෙමළ ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති වික්‍රමසිංහ පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල එකඟතාවයට යටත්ව පොලිස් බලතල හැර 13 වැනි සංශෝධනය පූර්ණ බලතල සහිතව ක්‍රියාත්මක කරන බවයි.

ඩේලි මෝනිං වෙත මේ  සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසා ඇත්තේ,

 "13 වැනි සංශෝධනය බලහත්කාරයෙන් ගෙන ආ හිටපු ජනාධිපතිවරුන් වන ජේ ආර්  ජයවර්ධන ජනාධිපතිවරයාත්, රණසිංහ ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරුනුත් මෙන්ම බලය විමධ්‍යගත කළ යුතුය යන ප්‍රබල මතය මත පිහිටා කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත්, දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගයෙන් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරුනුත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකළ අතර ගෝඨාභය රාජපක්ෂද එය නොකළේ  ඊට බරපතළ හේතුවක් තිබෙන නිසා විය හැකියි. එබැවින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළමුව කළ යුත්තේ එම හේතුව ජනතාවට හෙළි කර, එම හේතුව තවමත් තිබේදැයි බුද්ධි අංශ හෝ වෙනත් අදාළ බලධාරීන් ලවා සොයා බැලීමයි".

 

ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදුන් බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ බුක්ති විඳින්නේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට මිස බලය විමධ්‍යගත කිරීමට නොවන බවද ඔහු පැවසීය. 

 

" බලය බෙදීම සඳහා නොවේ ජනතාව අපට (SLPP) බලය ලබා දුන්නේ. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් රට අස්ථාවර තත්ත්වයක තිබියදී ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දු වීම නිසයි ලක්ෂ 69 ක ජනතාවක් එතුමාට ඡන්දය දීලා, අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ. ඉතින් ජනතා අපේක්ෂාවට එරෙහිව යන්න කාටවත් බෑ. ඒකයි අපි කියන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේක කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා. ඔහුට අවශ්‍ය නම් මැතිවරණයක් කැඳවා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව ජනතාවට ප්‍රකාශ කළ හැකියි. එවිට ජනතාව කැමති නම් ඔහුව බලයට ගෙනේවි, එවිට ඔහුට එය කළ හැකියි. අපි මේ බව වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.”

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාරියවසම් මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය මධ්‍යගතව පැවතිය යුතුය යන මතයේ සිටින පක්ෂයක් නොවන නමුත් ජාතිකත්වයන්, ආගම් හෝ භාෂාවන් මත බලය විමධ්‍යගත කිරීමේ පියවරක් අනුමත නොකරන බවයි.

“අපි බලය බෙදීමට විරුද්ධ නැහැ. නමුත් ජාතික, ආගම්, භාෂා පදනම් කරගෙන බලය බෙදීමට අපි විරුද්ධයි. ඒක රටකට හරිම අහිතකරයි. බලය බෙදීම සියලු ජන කොටස්වලට සහ රටට හිතකර ආකාරයට සිදු කළ යුතුයි. එය ඉලක්ක කළ යුත්තේ රටේ ප්‍රගතිය මිස යම් ප්‍රජාවක ප්‍රගතිය නොවේ.”

 

13 වැනි සංශෝධනය පොලිස් බලතල නොමැතිව පළාත් සභා තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා දෙමළ මන්ත්‍රීවරුන්ට සහතික විය. කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානය (TNA) එදිනම පොලිස් බලතල නොමැතිව 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව “තරයේ ප්‍රතික්ෂේප” කළ අතර, බලය බෙදීමේ යෝජනාව “තවත් හිස් පොරොන්දුවක්” පමණක් ලෙස හැඳින්වුයේය.

 

1987 ජුලි 29 වන දින එවකට ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ ජේ ආර් ජයවර්ධන අතර ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරන ලද අතර එමඟින් පළාත්වලට බලය බෙදා හැරීම පළාත් සභා ක්‍රමය මගින් සිදුකරන ලදී. 1987 නොවැම්බර් 14 වැනි දින පාර්ලිමේන්තුව විසින් පළාත් සභා පිහිටුවීම සඳහා 13 වැනි සංශෝධනය සහ 1987 අංක 42 දරන පළාත් සභා පනත සම්මත කරන ලදී. මෙහිදී ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව ලෙස නම් කරමින් සිංහල සහ දෙමළ භාශා ජාතික භාශා ලෙස යොදා ගැනීමට කටයුතු කරන ලදී.

 

@ themorning.lk

නවතම ලිපි