SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊළගට හදන පුලුල් සන්ධානයේ ප්‍රධාන පක්ෂය එජාපය විය යුතු බවත්, 

ලබන වසරේ පවත්වන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියයි.

එජාප ආණ්ඩුවේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් වූ අකිල කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය තරම් රටට වැඩක් කළ පක්ෂයක් නොමැති බවයි.

මේ වනවිට රටේ ජනතාවට එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසයක් ඇතිවී තිබෙන බවත් මීළඟ ජනාධිපතිවරණයට පුළුල් සන්ධානයක් යටතේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බවත් කී අකිල විරාජ් කාරියවසම් මේ රටේ අර්බූධයන්හිදී ඔවුන් තරම් වැඩ පෙන්වපු අය නැති බවත් කියයි.

කෙසේ වුවද ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම මගින් හෝ ජනමතවිචාරණයක් පැවැත්වීම මගින් හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන මෙහෙයුමේදී බැසිල් ප්‍රමුඛ පොහොට්ටුවාසීන් පිරිසක් එක්වීම අනිවාර්යයක් බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත.

 

නවතම ලිපි