SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශය “ජනරජ කාන්තාවෝ” නමින් තම දස වැදෑරුම් වැඩ පිළිවෙල ජනගත කිරීම

ජූලි මස 20 වන බ්‍රහස්පතින්දා පස්වරු 5.30ට නාරාහේන්පිට, තලකොටුව උද්‍යානයේ එක්සත් ජනරජ පෙරමුණ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනරජ පක්ෂයේ මාධ්‍ය ලේකම් ලෙෂාන් විදානගමාච්චි සඳහන් කරන්නේ මෙහිදී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීනී සංසදයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය විසින් “කාන්තා නායකත්වය සහ පාර්ලිමේන්තු දේශපාලනය” මැයෙන් ආරාධිත දේශනය පවත්වන බවයි.

 

අනතුරුව ප්‍රවීන සමාජ ක්‍රියාකාරිනියන්ගේ සම්පත් දායකත්වයෙන් විද්වත් සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කාන්තා දේශපාලනයට ඇළුම් කරන කාන්තාවන්ට එම අවස්ථාවට සහභාගී වී අදහස් දැක්වීමට එක්වන ලෙස 'ජනරජ කාන්තාවෝ සංවිධානය' ආරාධනා කරයි.

 

WhatsApp Image 2023 07 19 at 15.56.55

 

@ මාධ්‍ය ඒකකය - එක්සත් ජනරජ පෙරමුණ

නවතම ලිපි