SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට, අභියෝගයක් එල්ල කිරීම සඳහා එරට විපක්ෂය දැන් සිටම සූදානම් වෙයි.

ඒ සඳහා කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛව විපක්ෂයේ දේශපාලන පක්ෂ 26ක නායකයන් ඊයේ (18) දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වන බෙංගලූරු නුවරට රැස්වූහ.

 

කොංග්‍රස් පක්ෂ සභාපති මල්ලිකාර්ජන් කාර්ගේ, රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි මෙන්ම තමිල්නාඩු මහඇමති M.K. ස්ටාලින්, බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර්, දිල්ලි මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල්, ජාර්කන්ද් මහ ඇමති හෙමන්ට් සෝරන්, බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍යවරිය වන මම්තා බෙනර්ජි සහ රාෂ්ට්‍රිය ජනතා දාල් පක්ෂ නායක ලාලූ ප්‍රසාද්, විපක්ෂ සන්ධානයේ සමුළුවට එක්ව සිටින ප්‍රධාන නායකයෝ අතර වෙති.

 

සමුළුව ආරම්භ කරමින් කොංග්‍රස් පක්ෂ සභාපති මල්ලිකාර්ජන් කාර්ගේ ප්‍රකාශ කළේ තම පක්ෂයේ අරමුණ මිළඟ මැතිවරණයෙන් බලය ලබාගැනීමට හෝ අගමැති ධුරය හිමිකර ගැනීම නොවන බවය.

මෝදිගේ රජයට තනිව  බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත නොහැකි බවත්, විපක්ෂයේ එකමුතුභාවය තුළින් ඔවුන් පැරදවිය හැකි බවත් ඔහු කියා සිටියේය. 

 

සැමවිටම ගාන්ධිවරුන්ගේ නායකත්වය සහිත කොංග්‍රසය, මල්ලිකාර්ජන් සභාපතිධුරයට පත්කරගත්ත ද සෝනියා ගාන්ධිට විපක්ෂ සන්ධානයේ ප්‍රධාන තැනක් හිමිවනු ඇති බව භාරතීය ජනතා පක්ෂය සඳහන් කළේය. 

 

මේ අතර විපක්ෂ සන්ධානයට සරදමක් කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ පවුලේ - පවුල විසින් සහ පවුල සඳහා යන්න විපක්ෂයේ මන්ත්‍රය වී ඇති බවය.

එහිදී ඔහු ඍජුවට ඉලක්ක කරගෙන ඇත්තේ සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි ඇතුළු ගාන්ධි පවුලේ සාමාජිකයන් බව නොරහසකි.

 

ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව, ජනතාව විසින් සහ ජනතාව සඳහා යන්න බව පැවසූ අග්‍රාමාත්‍ය මෝදි විපක්ෂ සන්ධානය හැඳින්වූයේ දූෂිතයන්ගේ එකතුවක් ලෙසිනි.

 

අගමැති මෝදි මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දිවයින්හි නව ගුවන්තොටුපොළ පර්යන්තයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

දුප්පත් රටක දරුවන් වෙනුවෙන් සංවර්ධනයක් ඇති කිරීමට විපක්ෂයේ කිසිදු අවධානයක් නොමැති බවත් ඔවුන් පවුල් දේශපාලනයට පමණක් ප්‍රමුඛත්වය ලබාදෙන බවත් අගමැති මෝදි සඳහන් කළේය.

 

Tamil MPs 4

 

අග්‍රාමාත්‍ය මෝදිගේ මෙවර ඡන්ද ගුණ්ඩු සහ

ලංකාවේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ!

 

Tamil MPs 3

 

මේ අතර ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් ද  පැවැත්වීමට නියමිත අතර මෙම හමුවේ ඊට පාදක කරගත යුතු වපසරියන් සම්බන්ධව  සාකච්ඡා කිරීම  සඳහා මූලික කටයුතු වෙනුවෙන් ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ද පසුගියදා ලංකාවට පැමිණියේ ය.

 

මේ අතර ඊයේ (18) වැනිදා උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පක්ෂ හා ජනාධිපති රනිල්  වික්‍රමසිංහ අතර හමුවක් පවත්වා ඇති අතර එහිදී ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන කමිටු අවස්ථාවේදී සැලකිල්ලට ගන්නා බවය.

 

එසේම එහිදී ජනාධිපතිවරයා  ද්‍රවිඩ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිර්දේශ කර ඇති සංශෝධන ද සලකා බැලීමට නියමිත බවය.

මේ අතර එහිදී ජනාධිපතිවරයා ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පිළිබඳවද සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන් කර තිබුණි.

එසේම ජූලි 18 වනදා කෙටුම්පත් කමිටුව යුරෝපා සංගම් යෝජනා සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන අතර සංශෝධන සාකච්ඡා කර සුදුසු ක්‍රියාමාර්ගවලින් පසුව පනත් කෙටුම්පත නැවත ගැසට් කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර පොලිස් බලතල හැර 13 වැනි සංශෝධනයේ සෙසු බලතල පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල එකඟතාව මත ක්‍රියාත්මක කළ හැකි බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පවසා ඇත.

 

ඒ අනුව ඉන්දියාවේ මැතිවරණ  දේශපාලනය හා සම්බන්ධ බල හුවමාරුවක් ලබන වසරේ සිදුවිය හැකි තත්වයක් යටතේ අග්‍රාමාත්‍ය මෝදි තම ජයග්‍රහණය උදෙසා කරකවන තුරුම්පුව කුමක් වේද? එයට ලංකාවේ උතුරේ ප්‍රශ්නය යොදාගන්නේ කවර ආකාරයෙන්ද යන්න පිළිබඳව දේශපාලන විචාරකයින්ගේ අවදානයට ලක්ව ඇත.

 

 

@adaderana පුවත ඇසුරිනි.

නවතම ලිපි