SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති තත්වය සහ විශේෂයෙන්ම බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ මතුව ඇති සාධාරණ සැකය අනුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාව සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර

වහාම ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා  පවසයි.

 

“අමාත්‍යවරයා, සමහර නිලධාරීන් ඇතුළු බොහෝ කණ්ඩායම් විවිධ බාල බෙහෙත් ගෙන්වා තමන්ට යම් මුදලක් උපයා ගැනීමේ තත්වයක් නිර්මාණය කරනවාද කියන සාධාරණ සැකයක් තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා මින් ඉවත්කොට වහාම ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනෙ, මෙම ජීවිතවලට වන්දි ගෙවන්න ඕනෙ. මොකද මම දැක්කා කෙහෙළිය රඹුක්වැල්ල කියනවා ඇස් අන්ධ වුණාට වන්දි ගෙවනවා කියලා. ඇස් දෙකකට ගෙවන්න පුළුවන් වන්දිය මොකක්ද ? ඇස් දෙකකට ගෙවන්න පුළුවන් වන්දිය නැවත පෙනීම විතරයි. ඊට මෙහා වන්දියක් නෑ. ඒගොල්ලො හිතනවා මේ සියල්ල මුදල් මත තීරණය කරන්න පුළුවන් කියලා, මිනිස්සු මැරෙනවා වුණත් මේවා මුදල් මත තීරණය කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ උද්දච්ඡ පාලකයින්, ජනතාවගේ ජීවිත ගැන පයිසයකට මායි කරන්නෙ නැති මේ පාලකයින් පළවා හරින්න ඕනෙ”

 

ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) මහනුවරදී පැවති රැස්වීමක් අමතමිනි.

@LNW

නවතම ලිපි