SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විපක්ෂය විසින් තමාට එරෙහිව ගෙනඑන්නට හදන දෝශාභියෝගයට මුහුණ දීමට සූදානම් බවත්,

තමා  අභියෝගවලට බයේ වගකීම් අතහැර පැන දුවන කෙනෙක් නොවන බවත්  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසද්දී, පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් කියා ඇත්තේ අපි ඉන්නේ අපේ නොවන අපේම ආණ්ඩුවක බවයි.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා කියන්නේ, පසුගිය ජනාධිපතිවරණය ජයගෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවූ පොදුජන පෙරමුණට අද සිදුව ඇති දේ ගැන කතාකරන විට ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපටියක තේමා ගීතය සිහිවන බවත්, අද අපිට ඉන්නට සිදුව ඇත්තේ අපේ නොවන අපේම ආණ්ඩුවක බවත් ය.

 

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පොහොට්ටු පක්ෂයේ මහලේකම්වරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ ඊයේ (16) මහනුවර කුණ්ඩසාල පැවති පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩල හමුවේදීය.

නවතම ලිපි