SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයා ඔක්තෝබර් මාසයේදී චීන සංචාරයක නිරත වීමට නියමිතය. එම සංචාරයේදී චීන ආයෝජකයන් හමුවී විශාල අයෝජන ප්‍රමාණයක් ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශාල බලාපොරොත්තුවකින් පසුවන බව ආරංචිය. 

ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණෙන්දෝ ආණ්ඩුව මේ වන විට තීන්දු කොට ඇත්තේ හම්බන්තොට වරාය ආශ්‍රිතව විශාල තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා චීනයට අවස්ථාව සලසා දීමටය.

ගනුදෙනුවට ආ අතරමැදියන්!

ආණ්ඩුව සහ චීනය අතර මෙම ගනුදෙනුව සිදුකිරීම සඳහා මැදිහත් වී සිටි අතරමැදියන් සම්බන්ධයෙන්ද මේ වන විට විශේෂ තොරතුරු රැසක් අනාවරණ වී තිබේය. දැනගන්නට ඇති ආකාරයට මෙම ගනුදෙනුව සඳහා පසුගිය කාලයේදී රාජපක්ෂ පවුල වෙනුවෙන් ව්‍යාපාරික ගනුදෙනුවලට මැදිහත් වූ ප්‍රසිද්ධ රාජපක්ෂ පුතෙක්ද, රාජපක්ෂ පවුලට සම්බන්ධ තවත් ඥාති පුත්‍රයෙක්ද මැදිහත්ව තිබෙනවාය. සාමාන්‍යයෙන් මෙම රාජපක්ෂ පවුලට සම්බන්ධ ඥාති පුත්‍රයා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මහාපරිමාණ ගනුදෙනුවලට සම්බන්ධ වූ අතරමැදියකු ලෙසටය. විශේෂයෙන්ම පසුගිය කාලයේදී චීන ආයෝජන යටතේ සිදුකළ දකුණු අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය ඉදිකිරීම ආදී ව්‍යාපෘතිවලදී අදාළ චීන සමාගම් සහ ආණ්ඩුව අතර සම්බන්ධීකරණය කිරීමේ ගනුදෙනුවේ නිරතව සිටියා යැයි කියැවුනේ මේ කියන ඥාති පුත්‍රයාය. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේදී මෙම ඥාති පුත්‍රයාට විශාල බලයක්ද ආණ්ඩුව ඇතුළේ හිමිව තිබිලාලුය.

ඥාති පුතා යළි එළියට!

ඒ අනුව මෙම හම්බන්තොට වරාය පරිශ්‍රයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය චීනයට ලබාදීම සඳහා මෙකී රාජපක්ෂ පවුලේ ඥාතියාට අමතරව තවත් ප්‍රකට රාජපක්ෂ පුත්‍රයකුද සම්බන්ධ වී තියෙනවාය. මහින්දගේ ආණ්ඩු සමයේදී මෙම රාජපක්ෂ පුත්‍රයා ව්‍යාපාර ගනුදෙනුවලට සම්බන්ධ නොවූ නමුදු, ගෝඨාගේ ආණ්ඩු කාලයේදී ඉතා සක්‍රීය ලෙස ව්‍යාපාරික ගනුදෙනුවලදී අතරමැදියකු වශයෙන් සම්බන්ධ වී තිබිලාය. ඒ අනුව මේ වන විට පෙර කී ඥාති පුත්‍රයා සහ මෙම රාජපක්ෂ පුත්‍රයා එක්ව මහාපරිමාණ ව්‍යාපාරික ගනුදෙනුවක නිරත වෙමින් සිටින ආකාරයක් දැකගන්නට තිබෙනවාය.

 

@mawratanews.lk

රාජ්‍ය රහස්

නවතම ලිපි