SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉකුත් 6 වැනිදා වත්මන් ආර්ථික අර්බුදයට හේතු හා ඊට වගකිව යුත්තන් සොයා දැන ගැනීම සඳහා

14 දෙනකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවක් පත් කළේය. එහි සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  සාගර කාරියවසම් මහතා පත්කරනු ලැබ සිටී.

මෙම තේරීම් කාරක සභාවේ අනෙකුත් සාමාජිකයෝ වන්නේ පවිත්‍රා වන්නිආරච්චි, ඩී.වී. චානක, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, ඉරාන් වික්‍රමරත්න, ජයන්ත කැටගොඩ, හර්ෂණ රාජකරුණා, මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ශානක්කියන් රාසමානික්කම් හා මහාචාර්ය රන්ජිත් බණ්ඩාර යන මන්ත්‍රීන්ය.

 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී මෙම කාරණය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතුය යන අදහස මතු විය.

රාජපක්ෂ පාලනයට එරෙහිව පැන නැගුණු උද්ඝෝෂණය උච්ඡස්ථානයට පත්වී එමඟින් අගමැති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ එම ධුරයට පත්වී සතියකින් පමණ මෙම අදහස ඉදිරිපත් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය වසරේ මැයි 22 වැනිදා වාර්තා කොට තිබිණි.

 

cha

 

ඉන් දින කීපයකට පසු එවකට ඉතා දරුණු තත්ත්වයට පත්වී තිබුණු ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා 2022 මැයි 26 වැනිදා පොදු ව්‍යාපාර  පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) මහ බැංකුවේ නිලධාරීන් කැඳ වූ අතර, එහි දී එවකට කෝප් කමිටුවේ සභාපතිව සිටි මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා ද  මෙවැනි තේරීම් කාරක සභාවක් පත් කළ යුතු යැයි පැවසීය.

 

එම වසරේ දෙසැම්බර් මස 8 වැනිදා යළිත් මෙම කාරණය පාර්ලිමේන්තුවේ දී මතුවිය. සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් විසින් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් දැන ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි  එහිදී පැවසීය. එදින පාර්ලිමේන්තු රැස් වීමට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ ප්‍රශ්න සොයා බැලීම සඳහා වඩා සුදුසු වන්නේ ජනාධිපති කොමිසමකට වඩා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකැයි පැවසීය.

කෙසේ  වෙතත් එම අදහස ක්‍රියාවට නැඟී අත්තේ එම අදහස මතුවී වසරකටත් වැඩි කාලයකට පසුවය. මෙම කාරක සභාවේ සභාපතිධුරය හොබවන්නේ සාගර කාරියවසම් පොහොට්ටු පක්ෂයේ මහලේකම්වරයා යැයි යැයි කතානායකවරයා පසුගිය  6 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන් විට විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු ඊට විරෝධය පළ කළහ.

 

බංකොලොත් සභාවෙ සභාපතිකම මට දුන් එකට විරුද්ධ වීම අමු පිස්සුවක්!

 

sagara K

 

මේ අතර රටේ ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිධූරය තමාට හිමිවීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළ කිරීම අමු පිස්සුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් එසේ විරෝධය පළ කරන දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇත.

 

කමිටුවේ කටයුතු ආරම්භවීමටත් පෙර තමාගේ සභාපතිත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සාධාරණ සහ යුක්ති සහගත නොවන බවත් විපක්ෂය විරෝධය පළ කළ යුත්තේ එම කමිටුවේ කටයුතු නිසියාකාරව නොවන්නේ නම් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

 

කමිටුවේ කටයුතු හරියාකාරව සිදු නොවන්නේ නම් එම කමිටුවේදීම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂයට හැකියාව ඇති බව පැවසූ කාරියවසම් මන්ත්‍රීවරයා එවැනි කමිටුවක තමාට තනි මතයට කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද ප්‍රකාශ කළේය.

 

මෙම කමිටුවට පැවරී ඇත්තේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳව සෙවීම සහ ඒ සඳහා නිර්දේශය ඉදිරිපත් කිරීම හෙයින් එලෙස ඉදිරිපත් කරන නිර්දේශ වැරදි නම් ඔවුනට ඒ සඳහා ඕනෑම මොහොතක මැදිහත්විය හැකි බවත් තමාගේ සභාපතිත්වයට එරෙහිව විපක්ෂය කරුණු සොයා බැලීමකින් තොරව මෙලෙස සාම්ප්‍රදායික ලෙස විරෝධය පළ කිරීම ගැන කණගාටුවන බවත් ඔහු කීවේය.

 

මේ සම්බන්ධයෙන් සාගර කාරියවසම් විසින් පාර්ලිමේන්තුවේදීද ඉදිරි දිනවල කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී ඇතිවී තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇත.

 
@පුවත ඇසුරෙන් - Newspedia.lk

නවතම ලිපි