SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Picture; Light Railway Project (LRT) Got Cancelled in Sri Lanka - Malabe and Colombo Fort – 2020 january

දේශපාලනයේ දී බොරුව හා ඇන්දීම අමුතු දෙයක් නොවේ.

එයින්ද ශ්‍රී ලංකාව ප්‍රමුඛ දකුණු ආසියානු හා ආර්ථික ලෙස මෙන්ම දේශපාලන සංස්කෘතියෙන් පොහොසත් නොවූ රටවල මෙම පහත් පසුබිම ඉතා ඛේදනීය ලෙස පවතී.

එයින්ද රාජපක්ෂලා බොරුවේ හා ඇන්දිල්ලේ පිකාසෝලා බවට මත පවතී.ආගම ජාතිය කුලය ප්‍රදේශය පවා දේශපාලන ගණිකා වෘත්තියේ යෙදවීමට තරම් ඔවුහු දක්ෂයෝ වූහ.එජාප හා ජවිපෙ මෙන්ම සෙසු මුස්ලිම් හා දෙමළ පක්ෂ ද එම ක්‍රමය අනුගමනය නොකලා නොවේ.

විශේෂයෙන් මෙරට දේශපාලනයේදී අවිදරා බලය ලබාගැනීමට 71 දී ක්‍රියා කළේ ජවිපෙය. කොටි හා සෙසු දෙමළ සංවිධාන අවිවල පහස පැතුවේ ඊට වසර 5 – 6 කට පසුය.. ජවිපෙ එම වරද 88 – 89 දීත් යළි කළේ වෙන කිසිවකට නොව කෙටි පාරෙන් බලය ලබා ගැනීමටය. සමාජ අසාධාරණය පාළකයන්ගේ අමනකම් නාස්තිය දූෂණය වැනි පිරුවට වලට මුවාවී ඔවුහු මේ කටයුත්තට අත ගැසූ බව නොරහසකි.

ජේ.ආර්. ඇල්ල වැල්ලවාය පාර ලොකුකරලා කාපට් කරන්නේ ඇමෙරිකානු ප්ලේන් බස්සන්න යයි විජේවීර එදා කී මහා බොරුව පවා ජනතාවගෙන් කොටසක් විශ්වාස කලහ. ත්‍රිකුණාමලේ දිසාවේ පවතින ස්වාභාවික තත්වයක් හරිහැටි ප්‍රයෝජනය ගතහොත් ලංකාව වසර 2 – 3 කින් ගොඩගත හැකිබව හදුන්නෙත්ති කීවේ මෑතකදීය. එය රටම නොමග යවන බොරුවක් බව විද්වතුන් රැසක් පෙන්වා දුන්හ.

 

LRT project 2

 

ජවිපෙ සමාජගත කල අලුත්ම බොරුව වන්නේ සැහැල්ලු දුම්රිය (LRT) ගැන වසන්ත සමරසිංහ කී දේය. එය අද සමාජයේ දැඩි කථිකාවකට ලක්ව ඇත්තේ ද එය තවත් මහා නොමග යැවීමක් බව එැම අතින්ම ඔප්පුවී ඇකි නිසාය. ඒ රේල්පාරේ දුම්රිය දුවන්නේ තනි පැත්තකට බවත් ලෝකයේ වෙනත් රටවල එවැනි විනාශකාරී වැඩ නැතිබවත් ජවිපෙ කීය. ඔවුන් එය කීවේ එක්කෝ නව ලොව හා තාක්ෂණය ගැන කිසිත් නොදැනය. එක්කෝ රට නොමග යැවීමේ සාහසික අරමුණෙනි. LRT දුම්රිය යන්නේ අහසේ කණු මතය. එහි පීලි දෙකක් පවතින අතර දෙපැත්තටම දුම්රිය ධාවනය කල හැකිය.

මොනෝ රේල් ලංකාවට ගෙන ඒමට එදා වැඩ පිළිවෙළක් තිබුණ ද යහපාලනය 2015 ආ පසු පාඨලි ඇමති ලෙස LRT යෝජනා කළේ උග්‍ර මගී තදබදයට මෙය හොදම විසඳුමක් බව මොරටු සරසවිය කල පරීක්ෂණ වලදී ඔප්පුවූ බැවිනි. ඊට ජපානයෙන් දශම 01 ඉතා සුළු පොලීයකට වසර 40 කින් ගෙවීමට ජපන් ණය ක්‍රමයක් ද සූදානම් කළේය. ණය ගෙවීම ඇරඹීමට වසර 10 ක සහන කාලයක් පවා ලැබිණ.

 

LRT project 1

 

එම දුම්රිය මැදිරි 04 කින් යුක්තව මඟීන් 800 ක් ධාවනය කල හැකි ලෙස 2025 දී විවෘත කිරීමට සැලසුම් කෙරිණ. 2035 දී මැදිරි 06 දක්වා වැඩි කොට එකවර මගීන් 1200 ක් ගෙනයාමට සැලසුම් කෙරිණ. මේ සදහා ඩො මිලි 1800 ක් වැය වෙතැයි ගණන් හදා තිබිණ. කණු හා දුම්රිය මැදිරි හා සංඥා වලට ඩො මිලි 1000 ක් හා ඉඩම් හා සෙසු යටිකල වලට ඩො මිලි 800 කි. ගාලුුු පාර සෙසු පාරවල් පරදවා දිනකට වාහන ලක්ෂ 02 ඉක්මවූ කඩුවෙල පාරේ තදබදය නිම කිරීම මෙහි අරමුණ විය. දුම්රියට ගොඩවන ස්ථාන 5 -6 ක වාහන අංගන ද ඉදි කිරීමට නියමිතව තිබිණ.

ජවිපෙ එම ආරම්භක අවස්ථාවේ ද මෙම කාර්ය විවේචන කළ අතර දේශපාලන මපfට් කෙනෙකු ලෙස යොදාගත් උන්මත්තක මහචාරියෙකුගේ බාල හා විනාශකාරී වාර්තාවක් පදනම් කරගෙන ජපානය වැනි මෙරටට ඉතා හිතවත් රටක් ද අමනාප කරගනිමින් මෙම ක්‍රියාවට 2020 දී තිත තැබුණේ ගෝටාභයගේ ද මැදිහත්වීමෙනි. ජවිපෙ එතනදී සද්දය වසා සිටියේය. එහෙත් ජනපති රනිල් එම ව්‍යාපෘතිය යළි පණ ගැන්වීමට උත්සාහ කරන පසුබිම තුළ ජවිපෙ යළි ඇහැරී රට නොමග යවන මෙහෙයුමක නිරත බව බොහෝ දෙනාගේ පිළි ගැනීමය.

 

Colombo Light Railway 1

ගෝටාභය විසිකල LRT ව්‍යාපෘතිය ලබාගත් බංගලිදේශය වසර දෙකක් තුළ එය නිමවා සාර්ථක ලෙස ඉදිරියට යන පසුබිමක ජවිපෙ රටේ සංවර්ධනයට මෙසේ බාල්දි පෙරළීමේ යටි අරමුණ අපැහැදිලිය. මෙරට බංකොලොත් බවේ අන්තිම සීමාවටම වැටී පාන් කෑල්ලට ඉන්දන බින්දුවකට මරාගන්නා සාපලත් දේශයක් බවට පත්වනු දැක ඊට ආවඩා ජනතාව මුලාකර හෝ බලය ලබා ගැනීමට යමෙක් උත්සාහ දරයි නම් එවන් දේශද්‍රෝහීන් ගෙන් කිසිදා මෙරටට අස්වැසිල්ලක් නොලැබෙනු ඒකාන්තය.

 

@ සටහන - අශෝක ජයතුංග.

නවතම ලිපි