SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලය ලැබුනු විට හැමදා ක්‍රියාකරන්නේ ජාත්‍යන්තර මිනිසෙකු වීමට බව පක්ෂ විපක්ෂ හැමෝම කතාවෙන්නකි.

ඔහු රාජ්‍ය නායකයා ලෙස බලන්නේ ජාත්‍යන්තරව ඇවිලෙන අර්බූධ සහ ජාත්‍යන්තරව අභිමානය රඳවා ගන්නේ කෙසේද යන කාරණා දිහා පමණක් බවයි ඔවුන්ගේ අදහස. ඒ නිසාම ජනපති රනිල්ට හැමදාම බලය ගන්නට ගේම් ගැහීමේ දක්ෂතාවය තිබූවද බලය රැකගැනීම අසීරු වූ බව හැමෝම දන්නා කරුණකි.

මේ වෙද්දි ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගිනි ඇවිලිලාය. බාල ඖෂධ නිසා මෙන්ම ඖෂධ හිගය නිසාත් රෝගීන් මරණයට පත්වෙමින් ඇත්තේ සමාජ මාධ්‍ය කුපිත කරවමිනි. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්නට යැයි විපක්ෂයේ දේශපාලන නායකයින් කියන අතරේ සමාජ මාධ්‍ය විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ගෙදර යන්නටයැයි බලකරමින් පෝස්ට් පලවන්නට පටන් අරන් ඇත. ඒ අතරේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා ඇත්තේ  පසුගිය වසරක කාලය තුළ පමණක් ලියාපදිංචි නැති ඖෂධ වර්ග 785ක් ලංකාවට ගෙන්වා ඇතැයි කියාත් තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටිද්දි වසරකට එවන් ඖෂධ හතක්වත් ගෙන්වා නැති බවත්ය. එසේම මෙම තත්වය යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කවුරුන් භාරගත්තද තවත් මාස කිහිපයක් යනතුරු රෝගීන් මිය යන බවත් රාජිත කියා ඇත.

මේවා සියල්ල රට ඇතුලත අර්බූධ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එය එතරම්ම හදිසි කාරණයක් නොවන බව ඔහුගේ හැසිරීමෙන් පෙන්නුම් කෙරේ.

මෙවර අශෝක ජයතුංගගේ ජනපතිeකොළමෙන් එය තවත් තහවුරු වේ. ඔහු සෞඛ්‍ය ගැන මෙදාපාරත් කතා කර නැත. එය උවමනාවෙන්ම යටගසනා සේය.

කපටි නරියා නැවත වතාවක් ජාත්‍යන්තරය හමුවේ පොරක් වන්නට යන්නේ මෙසේය.

 

“ කෝටි 165 ක් වැයකල රත්නපුර උසාවි සංකීර්ණය විවෘත කරන්නට ගිය රනිල්ට ජාත්‍යන්තර ගේමක් හුග කලකින් නොදුන් බව මතක් විය. ඉංග්‍රිසියෙන් කතාකොට ඔහු ලෝකයට හා මානව හිමිකම් කොමිසමට අදාළ සියුම් බෝම්බයක සේවනූලට ගිණි තැබුවේ  සූක්ෂමවය.

"ස්වීඩනයේදී කුරානය ගිණිතැබීම ප්‍රකෝපකාරීයි. ජිනීවා මානව හිමිකම් එක හා බටහිර රටවල් ඒක භාෂණයේ ගැටලුවක් ලෙස දකිනවා. භාෂණය හා ආගමික නිදහස ද රැකිය යුතුයි. පකිස්ථානය මේක ජිනීවා ගෙනියනවා.සිංගප්පූරුව වගේම අපිත් ඊට සහාය දෙනවා. කුරානය බයිබලය ධම්මපදය හා ත්‍රිපිටකයෙනුත් ලෝකයට ගත හැකි දේ බොහෝයි" රනිල් ලෝක මහහිමිට අඳිමින් ගැඔුරු ලෝක බණක් කීවේ එහෙමය.

 

ජනපතිගේ මුල්ම ඉන්දියානු සංචාරය අත ලගය. ජනපතිවූ විගස ඉන්දියාවට යාම ගැන කල ඉල්ලීමට ප්‍රතිචාර පමාවිය. එහෙත් දැන් ඔවුන්ගේ ඉල්ලීම මත ගමන තීන්දුවී තිබේ. එරට ලාංකික තානාපති අංශ මේ සදහා දැක්වූ අලස බව හා මෙරට ඉන්දියානු තානාපති අංශ හරහා ගමන සූදානම් කරවීම සඳහා රනිල් වංගුදමා ගේම ගැසූ බවට ද මතවාද පැතිරේ. ඉන්දියානු විදේශ ලේකම් මෙරටට ආවේ සංචාරයට පසුබිම සැකසීමටය.

 

බ්‍රහස්පතින්දා ජනපති මුදල් අමාත්‍යාංශයට ආවේ සුපුරුදු රාජකාරි වලටය.

"ඉන්දියාවට යන්න වෙන්නේ උ/නැ ට හා කඳුකරයට පැකේජ් එකක් අරන් නේද" මාධ්‍යකරුවෙකු ඇසුවේය.

"ඒවා කරල හෝ පදනම දාල තියෙන්නෙ. ඒ ගැන ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්.දෙරට අතර සහයෝගිතාව සුහදකම වරදනය කරන එක ගමනේ අරමුණයි" ජනපති කීය.

 

රත්නපුර කතාව ගැනද ජනපතිට ප්‍රසංශා හිමිවිය. ඒ ආණ්ඩුකාර නවීන් වෙතිනි.

"ලෝකය දුවන්නෙ අපායට යන්න තියෙන බයෙන්" ජනපති නවීන්ට කීවේ කොක්හඩලමිනි.

 

#slleader Gossip

නවතම ලිපි