SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඖෂධ 785ක් ලියාපදිංචි නෑ..

සමහර ඖෂධ හදන්නේ පිලිකන්නේ…

ඉදිරි මාසවල රෝගීන් මැරෙනවා..     

 

තත්ත්වයෙන් බාල ලියාපදිංචි නැති නිර්වින්දන ඖෂධ ලක්‍ෂයක් මෙරට රෝගීන්ට නිදහස් කළ බව ඖෂධ නියාමන අධිකාරිය පිළිගෙන ඇත. එමෙන්ම රෝගීන්ට විවිධ සංකූලතා මතුවීම නිසා නිර්වින්දන ඖෂධ එන්නත් ලක්‍ෂයක්ද භාවිතයෙන් ඉවත දැමූ බවද වාර්තා වේ. එනම් පසුගිය කාලය තුළ තත්ත්වයෙන් බාලවූ ඖෂධ මෙරටට පැමිණීම හා ඒ සඳහා රජයට විශාල මුදලක් වැයකිරීමට සිදුව ඇත. එසේ මෙරටට ගෙන්වන ලද නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මෙරට දහස් ගණනින් රෝගී ජීවිත බිළිගනිමින් ඇති බවද නොරහසකි.

පසුගිය දිනවල මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවන විවිධ අක්‍රමිතා පිළිබඳ මහත් ආන්දෝලනාත්මක පුවත් හෙලිකළ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මෙරට පවතින සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගැටලු හා නිසි ක්‍රමවේදයෙන් බැහැරව සිදුකරන ලද තත්ත්වයෙන් බාලඖෂධ ගෙන්වීම හේතුවෙන් මේවන විට මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද අනාවරණයක් සිදු කළේය.

 

“ඕනෑම ඖෂධයක් රට තුළට පැමිණෙන්නේ යම් ක්‍රමවේදයකට අනුවයි. එය ඖෂධ යාමනය ලෙස හැඳින්විය හැකියි. මෙහිදී වෙළඳපොළට පැමිණීමට පෙර (Pre market) වෙළඳපොළේදී සහ (market) වෙළඳපොළට නිකුත් වූ පසුව (Post market) පූර්ණ අධීක්ෂණයට ලක්විය යුතුව ඇත. වෙළඳපොළට පැමිණීමට පෙර අවස්ථාවේ දී අදාල ඖෂධ සමාගමේ ලියාපදිංචිය ඖෂධ සමාගමේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණයට ලක්විය යුතුයි. මෙහිදී ශ්‍රී ලංකාව තුළ භාවිතයට ලබාදෙන ඖෂධ සාම්පලය පරීක්‍ෂා කළ යුතුයි. දෙවනුව ටෙන්ඩරය නිකුත් කිරීමේ දී ලබා දෙන ඖෂධ සාම්පලය පරීක්‍ෂා කළ යුතුයි. තෙවනුව ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඖෂධ තොගය ළඟා වූ අවස්ථාවේ දී පරීක්‍ෂා කළ යුතුයි. අවසානයේ දී ඖෂධය රෝහල් වලට බෙදා හැරීමට පෙර නිසි පරීක්‍ෂාවට ලක්කළ යුතුයි. තවද ඖෂධයක් වෙළඳපොළට නිකුත් කළ පසුවද එහි තත්ත්වය ආරක්‍ෂිත බව හා කාර්යක්ෂමතාව සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු අතර හදිසි පරීක්‍ෂාවන්ටද ලක්කළ යුතුයි. ඖෂධයක් වෙළඳපොළට නිකුත් කළ පසුව ඒවායේ අතුරු අබාධ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර වරින් වර ඖෂධ සාම්පල් ලබා ගෙන අධ්‍යයනය කිරීම කළ යුත්තක්".

 

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ලෙස වැඩි කාලයක අත්දැකීම් සහිත හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද මෙම ලියාපදිංචි නොමැති ඖෂධ ගෙන්වීම ගැන අදහස් දක්වා ඇති අතර වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලය තුළ මෙම නීති විරෝධී ඖෂධ ගෙන්වීම වැඩිවී ඇති ආකාරයද හෙළිදරව් කර ඇත.

 

පසුගිය වසරක කාලය තුළ පමණක් ලියාපදිංචි නැති ඖෂධ වර්ග 785ක් ලංකාවට ගෙන්වා ඇතැයි රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටිද්දි වසරකට එවන් ඖෂධ හතක්වත් ගෙන්වා නැති බව පැවසූ ඔහු ඉතිහාසයේ මෙවන් තත්ත්වයක් කිසිදිනක උදා වී නැති බවද පැවසීය.

මෙම තත්වය යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කවුරුන් භාරගත්තද  තවත් මාස කිහිපයක් යනතුරු රෝගීන් මිය වන  බව ද ඔහු පැවසීය.

 

අලුතෙන් ඖෂධ ඇණැවුම් කිරීමට කාලයක් යන බවත් එතෙක් මෙම ගෙන්වූ ඖෂධ භාවිතා කිරීමට සිදුවන බවත් ඒ නිසා රෝගීන්ගේ ජීවිත අවදානමක බවත් රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.

 

ඇතැම් ඖෂධ වර්ග වල ඇසුරුම දුටුවාම එය නිවසක හෝ පිළිගන්නක හදන ඖෂධ බව ඇතැම් වෛද්‍යවරුන් තමන් දුරකථනයෙන් අමතා පවසන බවද රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා  කියා සිටියේය.

නවතම ලිපි