SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වන විට යුරෝපයේ දැඩි රස්නයක් පෙන්නුම් කරන අතර එය චීනය, කැනඩාව හා උතුරු අප්‍රිකාව දක්වා පැතිරී යාමේ තත්වයක් පවතින බව වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය තම වාර්තාවකින් පවසා සිටිනුයේ මිනිස් අනිසි ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවිය රත් වීමේ ප්‍රවණතාවය පසුගිය වසර 10ක කාලය තුල සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවයි.

යුරෝපා සංගමයද තම නවතම වාර්තාවකින් පෙන්වා දෙනුයේ 2022 වසරේදී පමණක් තම කලාපය තුල 60000කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි. ඒ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර ප්‍රකාශකයෙකු මාධ්‍ය අමතා සඳහන් කරනු ලැබුවේ ජුලි 10 වැනිදා ලොව විශාලතම උෂ්ණත්ව අගය එනම් 35°-40° වාර්තා වූ බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උෂ්ණත්ව හා කාල ගුණය සමබන්ධ ආයතනය (OMM) ප්‍රකාශ කරනුයේ පසුගිය ජුනි මාසය හා ජුලි 3-9 අතර කාලය තුල ලොව වැඩිම උෂ්ණත්ව අගය වාර්තා වී ඇති බවයි. මෙම හදිසි උෂ්ණත්ව ඉහල යාම ලොව පුරා පරිසරය පද්ධතීන් හා ජෛව විවිධත්වයන් විනාශ කරනු ලබන අතර එය 2024 දක්වා පැතිරී යාමටද නියමිතය. මෙම හදිසි කාල ගුණ වෙනස් වීම El-nino ලෙස හඳුන්වන අතර එය මධ්‍යම හා නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වය උණුසුම් වීම හා සම්බන්ධව ඇතිවූ දේශගුණික විපර්යාශයක් ලෙස සැලකේ.

මෙහි ප්‍රථිපලයක් ලෙස චීනයේ උෂ්ණත්වය 40°ක්, කැනඩාවේ 35°ක් ලෙසත්, උතුරු අප්‍රිකාවේ ඇල්ජීරියාව හා ටියුනීසියාව වැනි රටවල එය 39.6ක් ලෙස ඊයේ වන විට වාර්තා වී තිබිණි. මෙම තත්වය ඉරානය හා දකුණු ආසියාව හා ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කිරීමට ඉඩ ඇති බව එම වාර්තාව වැඩි දුරටත් අනතුරු හඟවා සිටි.

ඒ අතර පසුගිය 2022 වසරේ ග්‍රීෂ්ම කාලය තුලදී යුරෝපා සංගම් රටවල් තුල ඉහල ගිය උෂ්ණත්වය නිසා ලැව් ගිනි හා නියගය ඇතිවීමෙන් විශාල අලාභ හානියක් හා මිනිස් මරණ 60000ක් සිදු වී ඇති බව EUROSAT ආයතනයේ නවතම වාර්තාවක් මගින් පෙන්වා දේ. 2022 මැයි 03 සහ සැප්තැම්බර් 04 කාලය තුල 61,672ක් මිය ගොස් ඇති බව මෙම වාර්තාව සඳහන් කර සිටි. එහිදී ඉතාලියේ 18,010ක්, ජර්මනියේ 8,173ක් හා ප්‍රංශයේ 4,807ක් අවුරුදු 80ට වැඩි වයස කාණ්ඩයේ පුද්ගලයින් මිය ගොස් ඇත.

2008 ආර්ථික අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය වියදම් කපා හැරීමේ ප්‍රථිපලයක් ලෙස ICU ඇඳන් ඉවත් කිරීම, විශ්‍රාම යන වෛද්‍යයවරුන් හා හෙදියන්, සාත්තු සේවක, සේවිකාවියන් නැවත බඳවා නොගැනීම වැනි කාරණාද, වෛද්‍යය උපකරණ හිඟය වැනි තාක්ෂණික කාරණාද මෙම මරණ සංඛ්‍යාව ඉහල යාමට හේතු වූ බව මේ අතර යුරෝපීය සෞඛ්‍ය සේවයේ වෘර්තිය සමිති සඳහන් කර සිටි. මෙවර යුරෝපයේ උෂ්ණත්වය ඉහල යාම නිසා තවත් වයස 70-80ක් අතර විශාල පිරිසක් මිය යාමට ඉඩ ඇති බවත්, මෙය සැලසුම් සහගත “සංහාරයක්” බවත් එහි වගකීම යුරෝපා සංගමයේ ලිබරල් රජයන් භාර ගත යුතු බවත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටි.

@lankatruth.com

නවතම ලිපි