SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව මෙයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට අවස්ථා 16කදී ගොස් තිබුණත් ණය ගැනීම හැර මූලික වෙනස්වීම් කිසිවක් සිදු වී නැති බව

ඇමරිකාවේ කැලෆෝනියාවේ විශ්වවිද්‍යාලයේ අනුකලනය පිළිබඳ මාහාචාර්ය අශෝකා බණ්ඩාරගේ Sirasa TV ONE චැනලය ඔස්සේ විකාශනය වන සිතිජය වැඩසටහනේදී හෙළි කළාය.

මේ පවතින ක්‍රමය ඈත් නොවුනහොත් අපේ රටේ අවශ්‍යතා නිෂ්පාදනය කරගැනීමට නොහැකි වන බවත් ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන්ද මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නොයෙකුත් කොන්දේසිවලට යටවීමට සිදු වී ඇති බවත් මහාචාර්යවරිය අවධාරණය කළාය.

 

ලෝකයේ බොහෝ රටවලට තිබෙන එම අත්දැකීම ශ්‍රී ලංකාවටද වේදනාකාරී ලෙස දැනෙමින් තිබෙනවා. මීට වඩා සමානත්වයට බර, පරිසරය ආරක්ෂා කරන දේශීය නිෂ්පාදනයකට යා යුතුයි. ඒ වෙනුවෙන් අද පවතින අන්තවාදී ලාබ හෙවීමෙන් ඈත් වී මිනිසුන්ගේ සාමූහිකත්වයට ඉඩ ලබාදිය යුතු බවද නමුත් මූල්‍ය අරමුදල වැඩ කරන්නේ සාමාන්‍ය ජනතාවගේ යහපත සඳහාද නැත්නම් බටහිර රටවල් සඳහාද යන ප්‍රශ්නය මේ වනවිට බරපතල සාකච්ඡාවකට ලක්ව ඇති බවත් මහචාර්යවරිය අවධාරණය කරන්නීය.

 

නවතම ලිපි