SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා මෙම මස 21 දින ඉන්දියාව බලා යෑමට නියමිත අතර

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡාවක්ද පැවැත්වීමට සූදානම් කර ඇති බව ද දේශපාලන ආරංචිමාර්ග දක්වා ඇත.

 

එසේම මේ මොහොතේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ දේශපාලන කතා බහ කුමක් වේවිද යන්න පිළිබඳව ද මේ වන විට බොහෝ දෙනාගේ අවදානයට ලක්ව ඇත.

පසුගිය කාලය පුරා වරින්වර මැතිවරණයක් පිළිබඳ කසු කුසුවක් මාධ්‍ය හරහා හමාගියද සැබැවින්  ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධව වික්‍රමසිංහ ජනාධිපතිවරයා තීරණයකට එළැඹෙනු ඇති බව පිළිගත නොහැකි ය. එමෙන්ම අතරමග නවතා දැමූ පළාත්පාලන ඡන්ද විමසුමද තවත් කාලයකට පැවැත්වීමේ අදහසක් ද නැති බවද සක්සුදක් සේ පැහැදිලිය.

 

එසේනම් මේ කුරුමානම කාලයක් පුරා අක්‍රීය කර ඇති පළාත් සභා මැතිවරණය පවත්වා මැතිවරණයන් සම්බන්ධ යම් අත්හදාබැලීමකට නොවන්නේද? මන්ද, පළාත් සභා ඡන්දය ලංකා ඉතිහාසය පුරාම පවත්වා ඇත්තේ කෑලි වශයෙන්ය. කිසිදු අවස්ථාවක සියළුම පළාත් සභා මැතිවරණයන් එකවර එකම දිනයක නොපවත්වන ලද අතර පවතින ආණ්ඩුවට වාසි සහගත වන ලෙස ඡන්දය පවත්වා ඇත. එනිසාම එය ජනවරම පිළිබඳ විනිශ්චයකට සුදුසු අත්හදා බැලීමක් වනු ඇත.

 

ඉන්දීය රජය දිගින් දිගටම ලංකාවේ පළාත් සභා මැතිවරණය සම්බන්ධව ප්‍රතිචාර දැක්වූ අතර රනිල්-රාජපක්ෂ රජය විසින් මේ වසර අවසාන වනවිට ණය ලබාගැනීම් හරහා රටවැසියාගේ පරිභෝජනකාමය සන්තර්පනය කරමින් ඉන්දීය රජයේ උවමනාවද සපුරමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අභිලාශයක් ඇති බවට දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි. Slleader වෙබ් අඩවිය සමග අදහස් දැක්වූ දේශපාලන පක්ෂයක ප්‍රධානියෙක් පවසා සිටියේ පළාත් සභා ඡන්දය පැවැත්වීම බොහෝ දුරට වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මුලින්ම සිදු කරනු ඇති බවය.

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ඊයේ රාත්‍රී ලංකාවට පැමිණීම ද මේ පිළිබඳව වැඩිදුරටත් සාක්ෂි දරයි.

 

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ඉන්දීය ගුවන් හමුදාවට අයත් IFC – 33 දරණ යානයෙන් ඊයේ (10) රාත්‍රී 8.55ට පමණ ලංකාවට පැමිණි අතර ඉන්දීය මාධ්‍ය මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේම කරුණු අනාවරණය කර තිබිණි. ඒ ලංකා බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිවක් හෙළි දරව් කර නොතිබුණු වටපිටාවකය.

 

ඉන්දීය මාධ්‍ය එහිදී අනාවරණය කර තිබුණේ ඉන්දීය විදේශ ලේකම් මෙරටට පැමිණෙන්නේ මෙම මස 21 වනදා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් විකමසිංහගේ දෙදින ඉන්දීය නිල සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීමට බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ ඉන්දීය විදේශ ඇමති ඉතාමත් හදිසියේ මෙරට පැමිණ ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ සිදුකරණ දෙදෙන නිල සංචාරයේදී හමුවියයුතු බලධාරීන් සම්බන්ධයෙනුත් අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කිරීමේදී ඊට පාදක කරගතයුතු වපසරියත් සම්බන්ධයෙන් ලංකා බලධාරීන්ගේ මූලික අවබෝදයක් ඇති කිරීමට බවත්ය.

නවතම ලිපි