SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තත්වයෙන් බාල ඖෂධ භාවිතය හේතුවෙන් දෑස් අන්ධ වූ පුද්ගලයින් සහ ඔවුන්ගෙ පවුලේ සාමාජිකයින් පිරිසක් විසින්

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමගින් එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් එහි ලේකම්වරයා වෙත තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

අක්ෂි රෝහලින් ලබාදුන් දියර පාවිච්චි කිරීම නිසා දෑස් අන්ධභාවයට පත්ව ඇති බවත් මෙම රෝගී තත්වයෙන් මිදීම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට සිදුව ඇති බවත් ඔවුන් එහිදී සඳහන් කර ඇත.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කරන්නේ මෙම බාල ඖෂධ භාවිතයේ අනතුරුදායක බව  පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අනෙකුත් නිළධාරීන්ට දැන්වූවද ඔවුන් ඒවා නොසලකා කටයුතු කරන ලද බවයි.

තවදුරටත් මිනිස් ජීවිත සමග සෙල්ලම් නොකර මෙම සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වර්තමාන සෞඛ්‍ය පරිපාලනය වෙනස් කිරීමට ජනාධිපතිවරයා සෘජුව මැදිහත්විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කියා සිටියි.

 

@ada.lk

නවතම ලිපි