SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නීති විරෝධී අයුරින් කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට රත්තරන් රැගෙන විත් අත්අඩංගුවට පත්වූ අලි සබ්‍රි රහීම් මහතාගේ සිද්ධියට

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කිසිදු සම්බන්ධයෙක් නොමැති බව මේ වනවිට තහවුරු වී තිබේ.

 

පසුගිය ජුනි 26 වැනි දින ‘ද අයිලන්ඩ්’ පුවත්පත සිය මුල් පිටුවේ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කොට තිබුණේ අලි සබ්‍රි මහතාගේ සිද්ධියට වජිර අබේවර්ධන මහතා මැදිහත් වී ඇති බවකි.

 

ඒ සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයට යන බව ප්‍රකාශ කළ බවද, ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කොට තිබිණ.

කෙසේවෙතත් වජිර අබේවර්ධන මහතාගේ කාර්යාලයෙන් නාගානන්ද මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ පුවතද අයිලන්ඩ් පුවත්පත වාර්තා ‌කොට තිබිණ.

 

එසේ තිබියදී ‘ලංකාසර’ වෙබ් අඩවිය පසුගිය සෙනසුරාදා තවත් පුවතක් වාර්තා කරමින් කියා තිබුණේ මැදපෙරදිග ගොස් පැමිණි කාන්තාවක් වීසින් ගෙනා රත්තරන් බඩු කිහිපයක් නිදහස් කර ගැනීම සදහා වජිර අබේවර්ධන මහතා මැදිහත් වී ඇති බවකි.

 

ඒ බව රේගු අධ්‍යෂක්ෂ ජනරා‍ල් විසින් බණ්ඩානායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ අධ්‍යක්ෂවරයාට යවන ලද ලිපියකින් තහවුරු වන බව ලංකාසර වෙබ් අඩවිය සදහන් කොට තිබිණ.

කෙසේවෙතත් අද දින ලංකාසර වෙබ් අඩවියම වාර්තා කොට තිබුණේ ඕනෑම භාණ්ඩයක් රාජසන්තක කිරීම සම්බන්ධයෙන්, ඕනෑම කෙනෙකුට ඍජුව හෝ වක්‍රව රේගුවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සුදත්ත සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ රේගු ප්‍රධානියාට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් එවැනි බලපෑම් හෝ බලපෑමක් සිදු නොකළ නමුත් රේගු ප්‍රධානියා වෙත විධිමත් ආයාචනයක් පමණක් කර ඇති බවකි.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මෙම ප්‍රකාශයෙන් අලි සබ්‍රි රහීම් මහතාගේ සිදුවීමට වජිර අබේවර්ධන මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු වේ.

 

@මව්රට වෙබ් අඩවියෙන්

නවතම ලිපි