SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට කඩා වැටුණු අවස්ථාවේ බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවත් ඊට නොබියව ඉදිරිපත් වූයේ

රනිල් වික්‍රමසිංහ පමණක් බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සඳහන් කරයි.

එදා රට භාර ගැනීමට ඉදිරිපත් නොවී ඒ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස සැඟවුණු බවත්ද හෙතෙම සඳහන් කළේ කැලණිය දී පැවති ජන හමුවක් අමතමිනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටේ සිටින අය ඔහුට රට පාලනය කිරීමට අවස්ථාවක් නොදෙන බවත් ඔවුන්ගේ උත්සාහය රටේ සම්පත් කුණුකොල්ලෙට විකුණලා තමන්ගේ සාක්කු පුරවාගැනීම බවත් ඔහු චෝදනා කරයි.

ජනාධිපති වටේ සිටින මුදල් සෙවීම එකම පරමාර්ථය කරගත් අවස්ථාවාදී කේවට්ටයන් හඳුනාගෙන ඔවුන් ඉවත දමා රට ගොඩනැගීමේ කාර්යය සිහිනුවණින් කරන්නැයිද තමන් ඉල්ලා සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.

 

@lankacnews

නවතම ලිපි