SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‌ලංකාවේ සෞඛ්‍ය සේවාව මාධ්‍ය මඟින් පෙන්වනවාටත් වඩා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය දරුණු බවත් ඒ පිළිබඳව තමා වෙත  ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින්

සනාථ වන බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ඔහු මේ බව කියා ඇත්තේ ඔහුගේ මුහුණු පොතේ සටහනක් මගිනි.

 

"රට හැරයන,

වෛද්‍ය / විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින

ඉහළ යමින් තිබේ..

රට හැරයාම සඳහා

සිත එකඟකරගැනීමට නොහැකිව,

එහෙත් පවතින තත්වය ගැන

කළකිරීමෙන් සිටින වෛද්‍යවරුන් කිහිපදෙනෙකු හෝ, දිනකට (දුරකථනයෙන්) මා අමතයි..

 

'දේශපාලනය සහ සෞඛ්‍ය' කියන්නේ,

වෙනම විසඳාගතයුතු දෙකක්!

ජනාධිපතිවරයාට, පක්ෂයක් තිබුණත්..

ජනාධිපතිකමට,

පක්ෂයක් තිබෙන්නට බැහැ..

ඔහු ගන්නා තීරණ

රටේ (පක්ෂ/විපක්ෂ) සියලු ජනතාවට බලපානවා..

එලෙසින්ම,

සෞඛ්‍ය ඇමතිවරයෙකුට,

අසාර්ථකවන්නට හැකිවුවත්..

සෞඛ්‍ය ඇමතිකමට අසාර්ථකවීමට ඉඩක් නැහැ.

'සෞඛ්‍ය ඇමතිකම' අසාර්ථකවුවහොත්,

මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයම

බිඳවැටෙනවා..

රෝගීන් තුල,

රෝහල් පද්ධතිය පිලිබඳ විශ්වාසය බිඳවැටෙනවා..

අවසානයේ, අකාලයේ

ඉතා කුඩා හේතුවලට පවා රෝගීන් මියයනවා..

එසේ මියයන්නේ,

තමන්ගේ නෑයෙකු/මිත්‍රයෙකු /හිතවතෙකු නොවන තාක්..

සංවේදී නොවෙනවා නම්,

ඒක මනුස්සකම නෙවෙයි..

වසර 50ක දේශපාලන ඉතිහාසය පුරාම,

මම විශ්වාසකරපු

එක් දෙයක් තමයි,

"සෞඛ්‍ය, අධ්‍යාපන, ආර්ථික, විදේශ කටයුතු, වැනි ක්ෂේත්‍ර වලට නායකයන් පත්කළ යුත්තේ

දේශපාලන පක්ෂපාතීත්වය හෝ දේශපාලන පක්ෂය සලකා නෙවෙයි"..

එසේ සලකා

එම ක්ෂේත්‍රවලට නායකයන් පත්කිරීමේ විපාක,

අපි අත්දකිමින් සිටිනවා..

ඉතා කුඩා හේතූන් නිසා පවා,

දිනපතා අහිමිවන්නේ...

වටිනා ශ්‍රී ලාංකික ජීවිතයක්.

ඒ ජීවිතය හිමි තැනැත්තා,

දුප්පත් වුණත්/ පොහොසත් වුණත්, ඒ නැතිවෙන්නේ;

කාගේ හෝ අම්මේක්/තාත්තෙක්/ දුවෙක්/ පුතෙක්/ සහෝදරයෙක්/සහෝදරියක්/ මිතුරෙක්/ මිතුරියක්.

බුදුවදන නම්,

"තමන් උපමාකොට

අනුන්ට සලකන්න" කියායි.

මට සිතෙන්නේ..

සෑම නායකයෙකුටම,

මානුෂික නායකයෙකු වීම සඳහා

එම බුදුවදන පමණක් වුව ප්‍රමාණවත් යන්නයි!

*********************

හිටපු සෞඛ්‍ය අමාත්‍ය

වෛද්‍ය රාජිත සේනාරත්න

@Rajitha Senaratne

නවතම ලිපි