SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු සිදුකළ ''ස්මාර්ට්'' වාහන වංචාවක් පිළිබඳ කරුණු අනාවරණය වෙමින් තිබේ.

මේ කියන නිලධාරියා එම කාර්යාලයීය වාහන සංචිතයේ වාහනයක් පාවිච්චියට ගෙන තිබේ. එසේ කර ඇත්තේ තමන්ගේ පෞද්ගලික වාහනය එම කාර්යාලයේම තවත් නිලධාරියකුට කුලියට ලබා දෙමිනි.

මේ අනුව එම නිලධාරියා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් භාවිත කරනවා පමණක් නොව ඊට අදාළ ඉන්ධන දීමනාවද ලබා ගනියි. ඒ සමඟම තමන්ගේ වාහනයට ලැබෙන කුලී මුදල හේතුවෙන් අමතර ආදායමක්ද උපයා ගනියි. ඔහු තම කාර්යාලය තුළම මේ සිදුකරන්නේ ''සයිඩ් බිස්නස්'' එකකි.

මේ අතර මේ නිලධාරියාගේ පෞද්ගලික වාහනය කුලී පදනම මත ලබාගෙන ඇති නිලධාරිනිය ජනාධිපති ලේකම් කාර්යාලයේ තම ප්‍රධානීන්ට ලිපියක් යවමින් දැනට කුලී පදනම මත වාහනයක් භාවිත කරන බැවින් තමන්ට වාහනයක් සහ ඉන්ධන දීමනාවක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ තමන්ගේ පෞද්ගලික වාහන ලේකම් කාර්යාලයට කුලී පදනම මත ලබාදීම එහි ඇතැම් නිලධාරීන් සිදුකරන ''නව පන්නයේ වංචාවක්'' බවය.

 

@ සන්ඩේ ටයිම්ස්

Deshaya 08th saturday

නවතම ලිපි