SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චීන අසූචි පොහොරවලට ‌නිකම් ගෙවූ ඩොලර් මිලියන 6.9 යළි ගන්න බැරි හේතුව විගණකාධිපති හෙළිකරයි! කියල පුවතක් පත්තුවෙලා.

ජෛව පොහොර තොගයක් මිලදී ගන්න එදා ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලන කාලයේ චීන සමාගමකට ගෙවපු ඩොලර් මිලියන 6.9 ක මුදල ආපසු ගන්න ලංකා රජයට නොහැකිවෙලා තියෙන්නේ, ඒ ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර තබාගැනීමට වගකිවයුත්තො අපොහොසත් වීම කියල හෙළිදරව් වෙලා.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුකළ ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර කල් ඉකුත්වීමකින් තොරව වලංගුව තබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වෙලා කියල කියන්නෙ විගණකාධිපතිවරයාලු.

ඒකට හේතුව ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර 2022 මාර්තු මාසය වෙද්දි කල් ඉකුත් වීමලු.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය, 

සීමාසහිත Colombo Commercial Fertilizers Ltd සහ 

Ceylon Fertilizer Ltd කියන ආයතනවල රාජකාරි පැහැර හැරීමක් සිද්දවෙලා කියල විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තියෙනවා.

ගෝඨාභය රාජපක්ෂ රජය රසායනික ගොවිතැන සඳහා පනවා තිබූ තහනම නිසා  කෘෂිකාර්මික අංශයේ අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව 2021 දී චීනයේ Qingdao Seawin Biotech Group Ltd වෙතින් කාබනික පොහොර තොගයක් මිලදී ගත්තා.

කොහොම උනත් ඒ පොහොර තොගයේ සාම්පල හානිකර බැක්ටීරියාවලින් අපවිත්‍රයි කියල අනාවරණය වෙලා කියල තමයි ලංකා රජය එදා ඒක භාර ගැනීම ප්‍රතික්ෂේප කලේ.

මේ කාරණය නිසා චීනය සහ ශ්‍රී ලංකාව අතර වාණිජමය ආරවුලක් ඇති කළා වගේම  පොහොර වෙනුවෙන් ලංකාවෙ රජය ඩොලර් මිලියන 6.9ක් (රුපියල් මිලියන 1,382) චීන සමාගමට ගෙව්වා.

ජනපති eකොළමෙන් අශෝක ජයතුංග මේ කාබනික පොහොර පාඩුව ගැන   ලියල තියෙන්නෙ මෙහෙමයි.

"අශුචි පෝර වලට ඩො මිලි 69 ගෙවපු එකට ෂශේන්ද්‍රයි මහින්දානන්දයි කෙලින්ම වගකියන්න ඔින කියල විගණන වාර්තාව කියනවා" ජනපතිට ගුග්ලියක් එල්ල විය.

"ඒ ඩොලර් අපරාදෙ. ඒක හොයන්න කමිටුවක් දානවා" ජනපති කීවේය.”

ජනපතිගේ ඒ කමිටුවටත් මේ රටේ අනෙක් කමිටුවල සරණම වෙන්න පුළුවන්. මොකද මහින්දානන්ද කියන්නෙ දැන් ජනපති රනිල් වෙනුවෙන් ලොකුවටම කහින, නිතර දොඩවන, ගෝඨාවත් කඩේ ඇරිය නල්ල මලේ භාණ්ඩයක් කියල තමයි රට්ටු නම් කියන්නෙ.

බලය රැකගැනීම වෙනුවෙන් වැඩකරනවාද එහෙමත් නැත්නම් අර්බූධය ඇතිකරල කරඇරල වැඩකරපු නිළධාරීන්ව මට්ටු කරනවද කියල රටේ නායකයට තීරණයක් ගන්න සිද්ද වෙනව. අපි දන්න ඉතිහාසය ඇතුලෙ නම් බලය කියන සාධකය ඉස්සරහට ඇවිත් ප්‍රතිපත්ති අකුලපු සන්දර්භයක් තමයි හැමදාම තිබුණෙ.

ලොකුවට කයිවාරු ගහන, බලය එන පැත්තට හුරේ දාන නල්ල මලේ දේශපාලකයො ටික දෙනෙක් හැමදාම වැරදි කරල තරු පටි ගහගනිපු රටක චීන අසුචි නැවේ අසුචි බර දරන්නත් වෙන්නෙ එදා වේලවත් ගැටගහගන්න බැරිව ලතැවෙන, ඡන්දයකදි අම්බරුවො වෙන සාමාන්‍ය  රටවැසියට කියලනම් නොකියම බැහැ කියලයි ඒ රට්ටු ගොඩේම ඉන්න රට්ටුනම් කතාවෙන්නෙ.

 

#slleader Gossip

නවතම ලිපි