SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නුවරඑළිය මහරෝහලේදී අක්ෂි සැත්කම්වලට ලක්වූ රෝගීන් දස දෙනෙකු සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්ව ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසා ඇත.

නුවර එළිය මහ රෝහලේදී ඉකුත් 03 වැනිදායින් පසුව සිදුකළ අක්ෂි සැත්කම්වලින් පසුව එම රෝහලේ දසදෙනා අන්ධභාවයට පත්ව ඇතැයි ද එයට හේතුව ඇසට දැමූ බෙහෙතක විෂබීජ තිබීම බවට මූලික පරීක්ෂනවලදී අනාවරණය වූ බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පවසා ඇත.

 

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත ලියාපදිංචි නොකළ ඖෂධ සමාගම් හරහා ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ගෙන්වන ලද ඖධෂ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධව අධීකරණය විසින් තහනම් කර තිබිනි. එහෙත් මේ ආකාරයට බාල ඖෂධ රෝහල්වලට යෑම පිටුපස ඇත්තේ මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීමක්ද යන්න පිළිබඳ බොහෝ දෙනාගේ අවදානයට ලක්ව ඇත.  

keheliya out 1

 

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියාසිටින්නේ අන්ධභාවයට පත්ව ඇති රෝගීන්ට වන්දි ගෙවීමක් සිදුකිරීමක් ගැන දන්වා ඇතත් එම වන්දි ගෙවිය යුත්තේ මුදලින් පමණක් නොවන බවයි.  ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,

 

“බාල බෙහෙත් මාෆියාවට සම්බන්ධ සියළු දෙනාට දඬුවම් දීම අත්‍යවශ්‍යයි. මාධ්‍ය වලට පැමිණ පාලු ගෙයි වලං බිඳින කෙහෙලියට ප්‍රසිද්ධ විවාදයකදී මේ අපරාධ ගැන කරුණු සහිතව අප කරන චෝදනාවට උත්තර බඳින ලෙස අභියෝග කරමු “ යනුවෙනි.

 

මේ සියල්ල කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දුර්වල මෙන්ම දූෂීත පරිපාලනය බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දුර්වල සහ ප්‍රශ්න සහගත අමාත්‍යාංශ සඳහා කිසිදු පියවරක් නොගැනීම ප්‍රශ්නකාරී බවත්, බලය ලබාගත් සෑම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ දේශපාලනඥයා දේශපාලන තීන්දු කඩිනමින් ගැනීමට අපොහොසත් පුද්ගලයෙක් බවට පත්වන බවත් බොහෝ පක්ෂ විපක්ෂ දේශපාලන ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ මතය බවට පත්ව ඇත.

කෙසේ වුවද ලංකාවේ සෞඛ්‍ය සේවයට දවසින් දවසම කණ කොකා හඩලන බවද ඉදිරියේදී බියෙන් සැකෙන් තොරව රෝහල්වලින්  බෙහෙත් පෙත්තක් ගැනීමට පවා නොහැකි තත්වයක් ඇති වනු  බවත් බොහෝ දෙනාගේ මතය වී ඇත.

නවතම ලිපි