SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට පුරා මහා රෝහල් රැසක රුධිරය මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මිය යමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන ප්‍රශ්නයක් මෙම අර්බුදයට හේතුව බවත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේය.

අදාල යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ටෙන්ඩර් කැඳවීම් කර තිබුනත් එම ටෙන්ඩර් වල ප්‍රශ්න හේතුවෙන් මාස කීපයක සිට එම කටයුත්ත සිදු නොවී ඇති බව ද හෙතෙම පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට සෑම අයවැයකින්ම බිලියන 200කට වැඩි මුදලක් වෙන් කරද්දී මෙවන් දේවල් වීම කණගාටුවක් බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

මේ සබන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කළේ මන්ත්‍රීවරයා මතු කල කාරණාවේ සත්‍යතාවයක් ඇති බවත් ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවත්ය.

@lankacnews

නවතම ලිපි