SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ට අයත් අරක්කු සමාගම් සහ

වෙනත් අරක්කු සමාගම්වලින් ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවට බදු වශයෙන් සහ දඩ වශයෙන් අය වියයුතු මුදල රුපියල් 6,221,572,147කි. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 622ක් පමණ වේ.

මෙම මුදල තවදුරටත් නොගෙවා පැහැර හරින්නේනම් ඉදිරියේදී ගනු ලබන තීරණය පිලිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කර ඇත.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම අරක්කු සමාගම්වලට සුරාබදු දෙපාර්තමේන්තුව ලබා දී ඇති දින 14ක සහන කාලය තුළ මෙම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවය.

පසුගිය සතියේ සිට මෙම දින 14 කාලය ක්‍රියාත්මක වන බව සඳහන් කර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවට එම මුදල අය කර නොගැනීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන හමුවේ මෙම තීරණය ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

අර්ජුන් ඇලෝසියස්ට අයත් අරක්කු සමාගම් බදු නොගෙවා පැහැර හැර තිබුණේ මෑතකදී නොවන අතර මෙන්ඩිස් සමාගම 2019 – 2023 දක්වා කාලය තුළත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටිරලීස් සමාගම 2004-2005 කාලය තුළත්, ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් සමාගම 1997-2004 කාලය තුළත් ලෙස බදු නොගෙවා පැහැර හැර ඇත. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මේ දක්වා ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් නොගැනීම ප්‍රශ්නකාරීය.

මෙහිදී රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදලින් රුපියල් බිලියන 2.5ක මුදලක් හිඟ බදු මුදල් බවත් ඉතිරි රුපියල් බිලියන 3.8ක මුදල ඒ සඳහා ප්‍රමාද ගාස්තු බවත් සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ අතර මෙසේ බදු පැහැර හැර ඇති මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අළුත් කිරීම මෙන්ම රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් ණය නොගෙවා තිබියදීත් තව තවත් බැංකු ණය අනුමත කර තිබීමද පසුගිය කාලය පුරාම මාධ්‍ය මගින් ප්‍රශ්න කර ඇති තත්ත්වයකි. ඒ සඳහා රාජ්‍ය බැංකුවල ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳවත් බොහෝ දෙනාගේ අවදානය යොමු වී ඇත.

නවතම ලිපි