SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැනට පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සඳහා මීළඟ පොලිස්පති වරයා තෝරාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් තුනක් නම් කර යවනු ඇති බවට  සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

පසුගිය ‍26 වෙනිදා සිට හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේ සේවා දිගු දෙකක් ලබා ගැනීමට පසුවයි. ඒ අනුව නව පොලිස්පතිවරයෙක් පත්කරගත යුතුව ඇත.

මීළඟ පොලිස්පති ධූරය සඳහා ජේෂ්ඨත්වය මූලික කොටගෙන  නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, එල්.එස්.පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, P.P.S.M ධර්මරත්න යන අය සුදුසුකම් ලැබ සිටින අතර මේ අය අතරින් දේශබන්දු තෙන්නකෝන්ව පත්කරන ලෙස පොලිසිය බාර අමාත්‍ය ටිරාන් අලස් ජනාධිපතිවරයාගෙන් පසුගියදා ඉල්ලා තිබුණි. එහෙත් ජනාධිපතිවරයා එහිදී කියා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් වෙත අධිකරණයේ  පවත්නා නඩු නිරාකරණයට කඩිනමින් විසඳුම් ලබාගෙන පැමිණෙන ලෙසය.

කෙසේ වුවද මේ වනවිට පොලීසියේ පොලිස්පති ධූරය හිස්ව පවතින අතර ජනාධිපතිවරයා විසින් ජේෂ්ඨත්වය අනුව නම් තුනක් තෝරා යවනු ඇති බවට සන්ඩේ ටයිම්ස් වාර්තාව කියා සිටියි.