SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරු වරදාන සහිත පිරිස එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම පිරිස දැනට  ආණ්ඩුවේ තනතුරු දරමින් සිටින පිරිසකි.

මෙයට පෙර පොහොට්ටු පක්ෂයෙන් බිඳී විපක්ෂයට එක්වූ පිරිස වන්නේ ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, චරිත හේරත්, නාලක ගොඩහේවා ඇතුළු පොහොට්ටු පක්ෂය නිර්මාණය කිරිමට සක්‍රීයව දායකත්වය ලබාදුන් පිරිසකි. ඔවුන් දැනට නිදහස ජනතා සභාව ලෙස පක්ෂයක් ලියාපදිංචි කර ගනිමින් මැතිවරණයන්ට මුහුණ දීමට සූදානමින් පසුවන අතර පොහොට්ටු පක්ෂයේ සිටි උගත් ප්‍රජාව සම්පූර්ණයෙන්ම මෙම පක්ෂය හා එක්ව ඇති බව පසුගිය දා කාගෙත් අවදානයට ලක්වූ කාරණයකි.

කෙසේ වුවද පොහොට්ටුවේ දෙවන බිඳීම වන මෙම නව  පක්ෂය පිහිටුවීම සඳහා ප්‍රබල කැබිනට්, රාජ්‍ය අමාත්‍යවරුන් හා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මූලිකත්වය ගෙන ඇතැයි වාර්තා වේ. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද සහායය ලැබී ඇති බවත් පසුගිය මාස කිහිපය තිස්සේ වරින් වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන් විසින් සාකච්ඡා කර ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක්ද මේ වනවිට පොහොට්ටුව තුල තවත් බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන බව ද එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශීර්වාදයත් එම බලවේගයට ලැබී ඇති බවද සඳහන්ය.

මේ පිළිබඳව පොහොට්ටු නිර්මාතෘ සහ ජාතික සංවිධායක රෝහණ බැසිල් රාජපක්ෂ දැඩි කලබලයට පත්ව ඇතැයිද වාර්තා වේ.