SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් යුත් එම කාරක සභාව රැස්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වී ඇති අතර එහිදී යෝජනාවට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 5ක් පමණි.

එම්.ඒ. සුමන්තිරන්, නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, විජිත හේරත් සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය භාවිත කොට තිබේ.

රවුෆ් හකීම් මහතා ඡන්දය දීමෙන් වැළකී සිටි අතර චම්පික රණවක මහතා ඡන්දය විමසන අවස්ථාවේ කමිටුවෙන් බැහැර ගොස් තිබිණ.

‍ඊයේ දින විපක්ෂ්ය නියෝජනය කරමීන් මුදල් කමිටුවට සහභාගී වූ කාවින්ද ජයවර්ධන මහතා අද මුදල් කමිටු රැස්වීමට සහභාගී නොවුණු අතර මයන්ත දිසානායක මහතා දින දෙකේදීම පැමිණ සිටියේ නැත.

මෙමගින් ඉදිරියේදී සජබ රනිල් පාර්ශ්වය පිළිබඳව වඩා හොඳ චිත්‍රයක් ලැබෙමින් පවතින බව විචාරක මතය වී ඇත.

මුදල් කාරක සභාවේ අනුමැතියෙන් පසු හෙට (01) පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.