SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කරණ යෝජනාවලියට විරුද්ධව ඡන්දය ලබා දීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ අද පස්වරුවේ රැස් වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විසින් මෙම තීන්දුව ගත් බවයි.

කෙසේවෙතත් මෙම තීරණය ගැනීමේදී එම පක්ෂය තුළ උණුසුම් වාද විවාද ඇතිව තිබෙන බව වාර්තා වේ.

පසුගියදා slleader වෙබ් අඩවිය කියා සිටියේද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට මෙම දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ යෝජනාවලියේදී රනිල් සමග හිටගන්නවාද සජිත් සමග හිටගන්නවාද යන්න තීරණය කිරීමේ  තීරණාත්මක මොහොත පැමිණෙන බවය.

 

පක්ෂයේ ඇතැමුන් සඳහන් කර ඇත්තේ මෙම අවස්ථාවේ මෙම යෝජනාවට විරුද්ද නොවිය යුතු බවයි.

නමුත් තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ මෙම යෝජනාවට සහාය දුන්හොත් ඉදිරියේ සිදුවන ආර්ථික හැලහැප්පීම් වලටද වගකිව යුතු වනු ඇති බවය.

 

ඒ අනුව සමගි ජන බලවේගයේ රනිල් පාර්ශ්වය කව්රුන්ද යන්න මෙම ඡන්ද විමසීමේදී දැකගත හැකිවනු ඇත.

 

එසේම මේ වනවිට පොහොට්ටු පාර්ශ්වය සමග සබඳතාවය සුබවාදී ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නැවත ඇති කරගෙන තිබෙන අතර ඒ සඳහා බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති අතර කිනම් ආකාරයේ එකඟතාවක් ඇතිකරගෙන තිබේද යන්න ඉදිරියේදී දැකබලාගත හැකිවනු බව දේශපාලන ආරංචිමාර්ග කියා සිටී. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ අග්‍රාමාත්‍ය ධූරය බොහෝ විට රාජපක්ෂ පවුල් සාමාජිකයෙකු වෙත ලැබෙනු ඇති බවය.