SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා වැයවන වියදම සඳහන් බිල් පතක් නිකුත් කිරීමට පියවර ගන්නැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා යෝජනා කර තිබේ.

එය හොඳ යෝජනාවක් බව ද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම යෝජනාව සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී පැවති රාජ්‍ය ගිණුම්කාරක සභාවේ දී ය.

එහිදී අදහස් පළ කර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ප්‍රතිපත්තියක් ලෙස රජය තීරණය කරනවා නම් එය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති බවයි.

කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පවසා ඇත්තේ එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ හැකි බවත් රජය ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි තීරණයක් ගතහොත් එය ක්‍රියාත්මක කළ හැකි බවය.

රෝගීන් සඳහා විශාල මුදලක් රජය වැය කරන බවින් ගෙවීම කෙසේ වෙතත් ඒ සඳහා වන වියදම සඳහන් බිල් පතක් ලබාදිය යුතු බවත් හැකියාවක් ඇති අය එය ගෙවුනු ඇති බවත් ප්‍රසන්න රණවීර මහතා තවදුරටත් සඳහන් කර තිබේ.

@ lanka C news