SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආන්දෝලනයට ලක්ව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටරගේ දෙඅත් බැඳ තිබූ සිප් ටයි පටියේ සටහන්ව තිබූ ආගන්තුක ජෛව සාම්පලය,

පොලිස් නිලධාරියකුගේ බව තහවුරු වූයේ යැයි අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව, අධිකරණයට ඊයේ (28) දැනුම් දුන්නේය.

එම ආගන්තුක ජෛව සාම්පලය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී (සෝකෝ) පොලිස් සැරයන් (29541) සුනිල්ගේ ඩී.එන්.ඒ. සමග සැසඳෙන බව රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

මෙම ආගන්තුක ජෛව සාම්පලය හඳුනා ගැනීම සඳහා මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මිතුරෙකු වන බ්‍රයන් තෝමස්, කොළඹ ජාතික රෝහලේදී දිනේෂ් ෂාෆ්ටර්ට ප්‍රතිකාර කළ හෙදියන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්, පොලිස් නිලධාරීන් ඇතුළු 27 දෙනකුගේ රුධිර සාම්පල ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණි.

ඒ අතරින් පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී සුනිල්ගේ රුධිර සාම්පල සමග එම ආගන්තුක ජෛව සාම්පලය සැසඳෙන බව රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කර තිබුණි.

මෙම විමර්ශනයට අදාළව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මවගෙන් ලබා ගත් ඩී.එන්.ඒ. අණු කොටස් ප්‍රමාණවත් නොවන බැවින්, නැවත මවගෙන් ඩී.එන්.ඒ. ලබා ගැනීමට අවශ්‍ය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් අදාළ ඩී.එන්.ඒ. පිළිබඳ බොරැල්ල ජින්ටෙක් ආයතනය හරහා පරීක්ෂණ කරන ලෙසද ඉල්ලා සිටියේය.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් භාවිත කරන ලද ජංගම දුරකථනයේ දත්ත ගබඩා කර ගැනීමෙන් අනතුරුව එම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට භාර දුන්නේය.

එම දුරකථනයේ දත්ත පරිශිලනය කිරීමට අවශ්‍ය නම් දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයාට හෝ බිරිඳට ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කළ හැකි බව මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය. 

අදාළ නඩුව ලබන ජූලි 11 වැනිදා කැඳවීමට නියමිතය.

 

@srilankamirror