SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ණය කැපීමට කැබිනට් අනුමැතිය –

දේශීය ණය කපාහැරීම සම්බන්ධ සැලසුමට අද (28) කැබිනට් අනුමැතිය ලබා දී ඇති අතර එම සැලසුම් මී ලඟට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අතට මුලින්ම පත් කිරීමට නියමිතය.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පසුගිය දා සඳහන් කර තිබුණේ දේශීය ණය ප්‍රමාණය හරි ආකාරයෙන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට හැකි වුවොත් පොලී අනුපාත පහළ යනු ඇතැයි ද ව්‍යාපාරිකයන්ට ඒ හරහා සහනයක් ලැබෙන බවත් ය. කෙසේ වුවද දේශපාලන ආරංචිමාර්ග කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා විපක්ෂය විරුද්ධ වන බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ පෙනී සිටීම සමග දේශපාලන වෙනස්කම්ද ඇතිවිය හැකි බවක් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හෙට (29) සහ අනිද්දා (30) යන දෙදින තුළ රැස් වී මෙය අනුමත කර ජූලි 01 සහ ‍02 යන දිනයන් හිදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති කටයතු කරමින් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී සමගි ජන බලවේගයේ බහුතර මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැලකී සභාවෙන් ඉවත්ව ගියහ.