SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ අර්ජුන් ඇලෝසියස්ට අයත් අරක්කු සමාගම් ඇතුළු මෙරට ප්‍රමුඛ පෙලේ කුප්‍රකට අරක්කු සමාගම් 09කින්

ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවට බදු වශයෙන් අයත් වියයුතු රුපියල් 9,640,832,508.93ක මුදලක් ආසන්න වශයෙන් රුපියල් කෝටි 964ක මුදලක් නොගෙවා පැහැර හැර තිබේ.

 

සාමාන්‍ය ජනයාගේ ක්ෂූද්‍රමූල්‍ය ණය වෙනුවෙන් කිසිදු සහනයක් ලබා නොදෙන රජය ඔවුන් රුපියල් පනස්දාහට ලක්ෂයට ණය ගෙවාගත නොහැකිව සිය දිවි නසා ගනිද්දීත් ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වති. මෙවැනි කෝටිපති ව්‍යාපාරිකයින් සහ ඔවුන් සතු වත්කම් ලෙස කෝටිගණන් වටිනා දේපළ තිබියදීත් රජයට අයවිය යුතු බදු මුදල් පැහැර හරිමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලට ඇති බිලියන ගණනක ණය නොගෙවා තිබියදීත් ඔවුනට නිර්ලෝභීවම සහන සලස්වති. ඒ කිනම් නීති රාමුවක් යටතේද යන්න ප්‍රශ්න කරමින් මීට පෙර ද අප මෙම නිර්ලජ්ජී ක්‍රියාව පිළිබඳ හෙළිදරව් කර ඇත්තෙමු.

 

මෙම මුදල හිඟ බදු සහ ප්‍රමාද ගාස්තු වශයෙන් මෙම මස 15 වෙනි දිනට අය විය යුතු දඩ මුදල්ද සමග ය. අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමෙන් පමණක් 2019 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ රුපියල් 3,419,060,160.61ක මුදලක් ආසන්න වශයෙන් රුපියල් කෝටි 342ක මුදලක් ගෙවීම පැහැර හැර ඇත.

 

එමෙන්ම පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම 2004 සහ 2005 වසර සඳහා ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් 525,997,769.59 වන අතර එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 53කි. ඔහුටම අයත් වයඹ ස්පිරිස්ට්ස් සමාගම 2004 වසරට අදාලව ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් 266,136,347.61කි. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 27කි.

 

එමෙන්ම ග්ලොබ් බ්ලෙන්ඩර්ස් සමාගම 1997 වසරේ සිට 2004 වසර දක්වා රුපියල් 1,100,508,302.94ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 110) මැකලම් බෘෘවරි සමාගම (ලයන් බෘෘවරි සමාගම) 1997 වසරේ සිට 2004 වසර දක්වා රුපියල් 564,576,769.62ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 56) සමූපාකාර ස්කාගාරය කලුතර 2019 වසරේ රුපියල් 15,589,521.88ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 1.5) සිනර්ජි ඩිස්ටිලරීස් සමාගම 2023 වසර සඳහා රුපියල් 40,850,774.19ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 4) රන්දෙනිගල නිෂ්පාදනාගාරය රුපියල් 42,288,378.43ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 4) වශයෙන් බදු ගෙවීම පැහැර හැර තිබේ.

 

mendis and jonny

 

@ පුවත් මූලාශ්‍රය - lankatruth