SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විපක්ෂයේ මතය වන්නේ ‘දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුය’ යන්න යැයි ද  තම මතය රටට උපරිම සහනයක් ලැබෙන ලෙසින් එය කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ජනාධිපති වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට හර්ෂව පත්කරද්දීම කියා තිබුණේ IMF වැඩපිළිවෙලට සහායය දැක්විය යුතු බවය. ඒ අනුව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ අදහස මතම සිටින්නට නොහැකි වනවා පමණක් නොව මෙය හර්ෂ ද සිල්වා නැවත  තම පැරණි නායකයා සමග එක්වීම පිළිබඳ තීරණාත්මක අවස්ථාවක්ද වනු ඇති බවට මත පළ කෙරේ..

 

කෙසේ වුවද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව තමා දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (25) කොළඹදී අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දක්වන හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුයැයි විපක්ෂයේ මතය වුවත් එය සිදුකළ යුතුම තත්ත්වයක් තිබෙන්නේ නම් එය රටට උපරිම සහනයක් ලැබෙන සේ කළ යුතු බවත් එවැනි අවස්ථාවක සහයෝගය ලබාදීමට ගැටලුවක් ඇති නොවන බවත් ය.

ඔහු පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිවැරදිව සිදුකළහොත් එයින් දැනට භාණ්ඩාගාර බිල්පත්වල තිබෙන අවධානම් පොලී ප්‍රතිශතය අඩුවී එය පොලී අනුපාත අඩුවීමටද හේතුවක් වනු ඇති බවයි. එවිට, දැනට සංකෝචනය වී ඇති ආර්ථික කටයුතු පුළුල් වීමට අවස්ථාවක් ලැබෙන බවත් මේ මොහොතේ එය අත්‍යවශ්‍ය දෙයක් බවත් ඔහු පැවසීය.

මෙවැනි ආර්ථික කටයුතු පුළුල් වීමක් ව්‍යාපාරිකයින් ඇතුළු මෙරට සියළුම පුරවැසියන්ට අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉදිරියේදී මුදල් කමිටුව හමුවට පැමිණෙනු ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා විශ්වාසය පළ කල අතර ඉදිරියේදී IMF කොන්දේසි ක්‍රියාත්මක කරලීමට කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට තම අත්සන යෙදීමට සිදුවීම මත ඔහුගේ දේශපාලන පෙරළිය තීරණය වනු ඇති බවත් විචාරකයින්ගේ මතය වී ඇත.