SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දින දෙකක් පුරා ආණ්දෝලනයකට ලක්වෙමින් තිබූ දීර්ග බැංකු නිවාඩු ලබාදීම පිටුපස තිබෙන රහස දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාල සැලසුම් අනුමත කර ගැනීම බව

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද රාත්‍රියේ පැවති කෙටි මාධ්‍ය හමුවකදී හෙළිකර තිබුණත් ආණ්ඩුවේ අගමැති හෝ ඇමතිවරු නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ නොකර ගොළුවත රකිමින් සිටී.

 

විශේෂයෙන්ම සේවක අර්ථසාදක අරමුදලෙන් රජයට ලබා දී තිබෙන රුපියල් කෝටි 335,900කට පමණ ණය මුදල් සහ මෙරට බැංකු පද්ධතියෙන් රජයට ලබා දී තිබෙන රුපියල් කෝටි 363,900ක පමණ ණය මුදල් සම්බන්ධයෙන් අනුගමණ කරන ක්‍රියාමාර්ග පිළිබඳව කිසිවක් සඳහන් නොකළ මහ බැංකු අධිපතිවරයා මෙරට බැංකු සහ මූල්‍ය ආයතනවල තිබෙන ජනතාවගේ තැන්පතු මුදල් හා ඒවාට ලැබෙන පොලී අඩු නොවන බව ප්‍රකාශ කරනු ලැබීය.

 

ආණ්ඩුව මහජනයාට හොර රහසේ දේශීය ප්‍රතිව්‍යූහගත කිරීමේ IMF නියෝග ක්‍රියාත්මක කිරීමට මෙම සතිය තුළ සූදානම් වන්නේ යැයි රටේ බහුතර ජනතාවක් සැක කරමින් පවතී. මෙම මස අවසන් වීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම් සකස් කර නිමාකරන බව මුදල් අමාත්‍යාංශය මූල්‍ය අරමුදලට සහතික වී තිබිණ. එම තත්වය තුළ බැංකු පද්ධතියට හදිසි දීර්ග නිවාඩුවක් ලබාදීම සහ ජූලි මස 1, 2 යන දිනවල හදිසි පාර්ලිමේන්තු රැස්වීම් කැඳවීමත් නිසා EPF අරමුදල සහ බැංකු පද්ධතියෙන් රජයට ලබා දී තිබෙන ණය කප්පාදු කිරීමට සූදානම් වන්නේයැයි මත පැතිර යමින් පැවතිණි.

අදාල සැලසුම් අනුමත කිරීමට පෙර ඒ සම්බන්ධ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව කෙටි මාධ්‍ය හමුවේදී ඔහු අවධාරණය කරනු ලැබීය.

 

@lankatruth