SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුසියාවට එරෙහිව එරට වැග්නර් කුලී හමුදාව ආරම්භ කළ කැරැල්ල පසුබැස ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


ඒ අනුව  වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් විසින් සිය හමුදාව යළි කැඳවා ඇත.

 

ගිය සති කිහිපයක් තිස්සේ වැග්නර් කුළී හමුදා ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් සහ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අතර වාග් සංග්‍රාම යුද්ධයක් පැවති අතර, පසු ගිය සිකුරාදා එය උත්සන්න වෙමින්, ප්‍රධාන යුධ පිටිය වන බක්මුට් වෙතින් වැග්නර් කුළී හමුදාව ඉවත්විය.

 

පසුව මොස්කව් බලා යමින් සිටි මෙම කුලී හමුදාව ඊයේ (24) Rostov-on-Don නගරයේ හමුදා කඳවුරු සහ රජයේ ආයතන වල බලය අත්පත් කර ගත් අතර, රුසියානු ජනාධිපතිවරයා සඳහා වන හදිසි ආරක්ෂිත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මොස්කව් නගරයේ ආරක්ෂාව සඳහා රුසියානු ප්‍රහාරක යානා සහ විදීපුරා රුසියානු හමුදාව ද යොදවා තිබුනි. සියළු නගර වැසියන්ට ද සිය  නිවාස තුලට වී සිටින ලෙස දැනුම් දී තිබුනි.

 wagner 3

 

මෙම සිද්ධිදාමයේ ආරම්භය වන්නේ බක්මුට් සටනේදී වැග්නර් හමුදාව විසින් තම සොල්දාදුවන් පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා ඇති බවත්, වැග්නර් බලකාය විසින් යුධපෙරමුන අරාජික කර ඇති බවත් ක්‍රෙම්ලිනයේ හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කිරීම ය.

 

මෙහිදී වැග්නර් අණ දෙන නිලධාරීන් රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට චෝදනා කර ඇත්තේ ඔවුන්ගේ කුලී හේවායන් සඳහා කෘතිමව ෂෙල් හිඟයක් ඇති කර විශාල ජීවිත හානි සිදු කළ බවය. ඒ අනුව වැග්නර් ක්‍රෙම්ලිනයට චෝදනා කර ඇත්තේ  යුක්‍රේනයේ 2022 සැප්තැම්බර් සිදුකළ ප්‍රතිප්‍රහාර අතරතුරදී, විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශ ඒකකවලට Kharkiv සහ Kherson වෙතින් පසුබැසීමට බලකිරීමෙන් පසුව, ඉදිරි පෙළේ ක්‍රියාත්මක වූ  තම වැග්නර් හමුදාවන්ගේ සාර්ථකත්වයන් ගැන රුසියානු හමුදා නායකයන් ඊර්ෂ්‍යා කළ බවය.

 

2014 දී රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීමේදී වැග්නර් නම මුලින්ම කරළියට පැමිණ ඇත. මෙම සංවිධානයට අරමුදල් සපයන්නේ රුසියානු ව්‍යාපාරිකයෙකු සහ පුටින්ගේ සමීපතම හිතවතෙකු වන Yevgeny V. Prigozhin විසින් බව පැවසේ. පුටින්ගේ රාජ්‍ය භෝජන සංග්‍රහයන් සඳහා ආහාර සපයන ඔහු  ආහාර සැපයුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකි. ඒ නිසා ඔහුව "පුටින්ගේ අරක්කැමියා" ලෙස හැඳින්වේ.

කෙසේ වුවද රුසියානු නීතිය යටතේ කුලී හේවායන් නීති විරෝධී වේ.

කෙසේ වුවද රොස්ටොව් සිට මොස්කව් බලා ගමන් කරමින් සිටි වැග්නර් හමුදාව රුසියාවට කිලෝමීටර් 200 ක් පමණ ඉතිරිව තිබිය දී ආපසු හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ති.බෙන්නේ.

දැන් ඔවුන් යළි යුක්රේනයේ සිය කඳවුරු වෙත ගමන් කරමින් සිටින බව ආරංචිමාර්ග සපයයි.

කෙසේ වෙතත් යළි යුක්රේනය බලා ගිය වැග්නර් හමුදාවට රොස්ටොව් නගරයේ වැසියන්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමිව ඇති අතර  ඔවුන් රුසියාවෙන් පිටත්ව ඇත්තේ රොස්ටොව් වැසියන්ගේ ඔල්වරසන් මධ්‍යයේ බව මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන් ඇතැමෙකු වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් වෙත අතට අත දෙමින් සුබ පතමින් සෙල්ෆි ඡායාරූප ගෙන ඇත.

 

wagner selfi 1

wagner selfi 2

 

වැග්නර් හමුදාව රුසියාවෙන් පිටව යාමට තීරණයට මුලික වී ඇත්තේ බෙලරූස් රාජ්‍යයේ නායක ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝ ගේ මැදිහත්වීම මත බව මාධ්‍ය වාර්තා පලකර ඇත..

එහිදී පසුබැස යාම වෙනුවෙන් වැග්නර් ප්‍රධානියා සහ බෙලරූස් ජනාධිපතිවරයාගේ  එකඟතා තවමත් රහසක් වශයෙන් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කැරැල්ලට එක්වූ වැග්නර් හමුදාවට එරෙහිව චෝදනා ගොනු නොකරන අතර රුසියානු පාලන තන්ත්‍රයේ ද කිසිඳු වෙනසක් සිදු නොවන බව මේ වනවිට ක්‍රෙම්ලිනය තහවුරු කර ඇත.