SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විවිධ අනතුරු හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් 32ත් 35ත් අතර පිරිසක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 එහි බෝ නොවන රෝග ඒකකයේ, අනතුරු වැළැක්වීමේ හා කළමනාකරණය කිරීමේ අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසා ඇත්තේ සැම පැය 3කට වරක්ම  04 දෙනෙකුගේ ජීවිත අහිමිවන බවයි.

ඒ අනුව වසරකට 10,000ත් 12,000 ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බවද ඔහු පවසයි.

අසීමිත වාහන ප්‍රමාණයක් මාර්ගයන්වලට නිකුත් කිරිම මෙන්ම පොදු ප්‍රවාහන පද්ධතියක් නිසි ලෙස නොමැතිවීම වැනි කාරණයන් නිසා පුද්ගලික වාහන භාවිතය ඉහළ ගොස් ඇති බව පෙනීයන කාරණයකි. විචාරකයින් පවසන්නේ ආර්ථිකයට වැඩි වශයෙන්ම බලපානා කාරණය වන්නේද අධික ඉන්ධන භාවිතයක් තුළ ණය වි හෝ ඉන්ධන මිළදී ගැනීමට මාසිකව විශාල පිරිවැයක් දැරීමට සිදුවීම බවය. පසුගිය යුගයේ විශාල තෙල් පෝලිම් ඇතිවී ජනාධිපතිවරුන් ගෙදර යවන්නට පවා එය බලපෑම් සහගත කරුණක් බවට පත්විය.

ලංකාවේ මසකට ඉන්ධන සඳහා වැය කරන මුදල 2022 වාර්තා අනුව ඩොලර් මිලියන 700කි. ඉන්ධන පරිභෝජනය 2020 වාර්තා අනුව දිනකට  බැරල් 118ක් වන අතර 2021 පැවතුනු තෙල් හිඟය සමග බැරල් 118ක් පමණ විය.

සමහර ලිබරල් චින්තකයින් නම් කියන්නේ ණය වී හෝ ගිතෙල් අනුභව කළ යුතු බවය. මේ නිසා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය වලින් ඉන්ධන මිළදී ගැනීම් අඛණ්ඩව සිදුවීමත් සමග මේ වනවිට ඉන්ධන පරිභෝජනය නැවතත් ඉහළ ගොස් ඇති බව පැහැදිලිය.